ලෙඩ්ඩු වැඩියි ! බෙහෙත් හිඟයි !
1 min read
රජයේ රෝහල් පද්ධතිය තුළ මේ වන විට දැරිය නොහැකි පමණට ප්‍රතිකාර ගන්නා රෝගීන් ප්‍රමාණය ඉහළ ගොස් ඇතත්, අත්‍යවශ්‍ය ඖෂධ බරපතල හිඟයක් පවතින බව අණාවරණය වේ.
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ දත්ත අනුව SWASTHA දත්ත පද්ධතිය හරහා වෛද්‍ය සැපයුම් අංශයේ ප්‍රමුඛ පෙලේ ප්‍රමුඛතා (Priority) ඖෂධ වර්ග 137 ක පමණ හිඟයක් වාර්තා වේ. පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධ වර්ග 40 කට ආසන්න ප්‍රමාණයක බරපතල හිඟයක් ද රෝහල් තුළ ඇතිව තිබේ.
එමෙන්ම, දැනට පවතින ඖෂධ වර්ග 116 ක් පමණ ප්‍රමාණවත් වන්නේ ඉදිරි මාසයක කාලයට පමණි. ඒ ඉදිරි මාසයක කාලයෙන් අනතුරුව එම ඖෂධ වර්ග 116 ද, ඖෂධ හිඟයට එකතු වේ.
තවත් ඖෂධ වර්ග 59 ක් දැනට ප්‍රමාණවත් වන්නේ ඉදිරි මාස 2 ක කාලය සඳහා පමණි. ඒවා ද මාස 2 කින් අවසන්වීම සමග ඖෂධ හිඟය තවත් බරපතළ වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ මතය යි.
ඩෙංගු රෝගය අධි-වසංගත තත්වයට පත්ව ඇති නිසා මේ වන විට රජයේ රෝහල් ලෙඩුන් හරවා යවන තත්වයට ද පත්ව ඇත. මේ වන විට ඩෙංගු රෝගීන් දිනකට 1,000 ඉක්මවා ගොස් තිබේ.
- විරාජ් ජයසිංහ –
