July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රාජ්‍ය ආයතන වල පාඩුව නගී !

1 min read

මෙරට ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් 52 ක් අතුරින් 18 ක්ම දැඩි පාඩු ලබන තත්වයක පවතින බව නවතම වාර්තා මඟින් අණාවරණය වේ.

2024 දී ලංකා විදුලිය බල මණ්ඩලය (රු.බි. 144) සහ ලංකා ඛනිජතෙල් සංස්ථාව (රු.බි. 33) අධික ලාභ ලැබූ රාජ්‍ය ආයතන 2 ක් වුවත්, එම ආයතන 2 ද මේ වනවිට පවතින්නේ පාඩු ලබන තත්වයේ ය.

මේ අතර ලංකා සීනි සමාගම රු.බි. 2.6 ක බදු පෙර අලාභයක් දක්වා පසුබැස තිබේ.

2024 වසරේ දී රු.බි. 144 ක පමණ ලාභ ලැබූ ලංකා විදුලිය බල මණ්ඩලය මේ වනවිට පාඩුව රු.බි. 38.7 ක් වේ. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාඩුව 2024 වනවිට රු.බි. 7.9 ක් වූ අතර මේ වනවිට එහි පාඩුව රු.බි. 23.2 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අනුව, 2024 ට සාපේක්ෂව, සමස්ළු රාජ්‍ය ව්‍යවසාය 52 ම ඒකාබද්ද ලාභය 2025 වසරේ දී 17.6% කින් පහත බැස තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වන විට ආණ්ඩුවට ලබා දී තිබෙන කොන්දේසි අනුව, පාඩු ලබන සියලු රාජ්‍ය ආයතන වසාදැමීම හෝ විකුණාදැමීම සිදුකළ යුතුය.

  • නාමිනී වීරසිරි –
ජනප්‍රිය පුවත්  දිනකට රු. ලක්ෂය ඉක්මවන වෙළෙඳ ආයතන බදු දැලට !

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x