July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 1,450ක් දක්වා ඉහළට

1 min read

වෙනිසියුලාවේ කරාකස් අගනුවර ආසන්නයේ සිදුවූ රික්ටර් මාපකයේ ඒකක 7.2 සහ 7.5ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පන හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 1,450 මියගොස් ඇති බව තහවුරු කර තිබේ.

සුන්බුන් අතර සිරවූ දහස් සංඛ්‍යාත පිරිසක් සොයා තවදුරටත් මෙහෙයුම් සිදුවන්නේ දෙස් විදෙස් සහන සේවකයින්ගේ සහභාගිත්වයෙනි.

ගෙවුණු සති අන්තයේදී පමණක් සුන්බුන් අතරින් මුදාගත් පිරිස 33ක් වන අතර ඒ අතරට අවුරුදු 11ක් වයසැති පිරිමි ළමයින් දෙදෙනෙකු ද අයත් බව වැඩබලන ජනාධිපතිනී ඩෙල්සි රොඩ්‍රිගස් පවස‍යි.

මෙවන් ආපදා අවස්ථාවකදී සුන්බුන් අතර සිරවූවන් මුදාගැනීමට ලැබෙන උපරිම කාලය ලෙස සැලකෙන්නේ අනතුර සිදුවී පැය 48ත් 72ත් අතර කාලය වේ.

කෙසේ නමුත් වෙනිසියුලානු භූකම්පනය සිදුවී අදට දින 5ක් ගතවී අවසන්.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x