කයියෙන් නොනිමෙන ගින්න
1 min read
මෙයින් කියාපාන්නේ මිනිසුන්ට සිදු වෙලා තියෙන දේ ය.
පසුගිය දිනයක කොල්ලුපිටියේ දී ගිනිතැබූවේ මේ ත්‍රීවිලරයට ය. ගිනිතැබූ තරුණයා ඊළඟට කළේ යාබද රේල් පාරේ එමින් තිබූ රුහුණු කුමාරි දුම්රියට පැන සිය දිවි නසා ගැනීමය. මේ තියෙන්නේ ඒ රේල් පාරය. මේ තියෙන්නේ ගිනිගෙන නිමාවීමෙන් පසු ඒ ත්‍රීවිලරය ය. පත්තුවෙමින් තිබෙන ගින්නේ බරපතලකම තේරෙන්නේ මේ දෙස බලා සිටින විටය.
ත්‍රීවිලරයේ ණය වාරිකයද ගෙවාගන්න බැරිතරමටම දැන් හයර් නැත. හයර් තිබුණද, ලැබෙන තෙල් ප්‍රමාණයෙන් හයර් දුවන්න ප්‍රමාණවත් ද නැත. අම්මා ද ලෙඩ ඇඳේය. දරුවෝ දෙන්නෙක් හා අඹුවක් හෙට දවස ගෙවන විදිය සිත සිතා ලතැවෙන්නේ ය. කෑම බීම මිල ගිනි ගනන්ය. අම්මාගේ බෙහෙත් ගන්න වැයවෙන්නේ දහස් ගණනින්ය. ණය වාරික ගණනක් ගෙවා නැති නිසා ත්‍රීවිලරයද කොයි වෙලේ උස්සනු ඇත්දැයි දන්නේ දෙයියෝ පමණම ය.
ඩොලරය රුපියල් 342 දපන්නලා ය. ගොවියෝ මහපාරේ ය. ඩෙංගු අධි වසංගත තත්වයටම වර්ධනය වෙලාය. රටම කුණු ගොඩක්ය. ඒ අල්ලපනල්ලේ ජනපති අනුර පාර්ලිමේන්තුවට පැමිණ හොරු අල්ලන එක ගැන “කයිටෝක්” දී මන්ද මානසික ලොන්තයින්ගේ ගැලරිය පිනවා ස්වයං වින්දනයක් ලබාගැනීමය.
මේ පීඩාව පිටවන අන්දමය. මේ පුද්ගලයා තම පීඩාව පිට කලේ ත්‍රීවිලරයටද ගිනිතබා කෝච්චියට පැන දිවි නසාගනිමින්ය. හැමෝම එහෙම කරන්නේ නැත. පීඩාව විසින් බොරු සුරංගනා කතා කියා රැවටූ පාලකයා සොයා මරාගෙන මැරෙන කේන්තියකින් මිනිස්සු පාරට එන දිනය වැඩි ඈතක නැත. එතකං කයිතං කයි කෙල කෙල ඉන්නේය.
