July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ක්‍රම විරෝධීන්ගේ ගමනක අවසානය !

1 min read

අද මේ කියන්නට යන්නේ තරමක් ගැඹුරු කතාවක්ය. එය හැකිතාක් සරලව කීම අපේ වගකීමය.

අපේ මාතෘකාව වන්නේ “ක්‍රමය” හෙවත් “මෙතඩ්” එකය. එහෙත් ඉංග්‍රීසියෙන් කියන්නේ “System” හෙවත් “පද්ධතිය” ගැනය.

ක්‍රම විරෝධී යන්නෙන් අදහස්වන්නේ “මෙතඩ්” එකට විරෝධී යන්නය. ඉංග්‍රීසියෙන් System විරෝධී යන්නෙන් කියැවෙන්නේ පද්ධතියට විරුද්ධය යන්නය. සිංහලෙන් “ක්‍රම විරෝධී” කීවත්, පද්ධතියට විරෝධී කීවාත් අදහස් වන්නේ එකක්ය යන්න අපගේ වැටහීමය.

ජ.වි.පෙ. අනන්‍යතාවයට අනුව, එය ක්‍රම විරෝධී හෙවත්, පද්ධතියට විරෝධී දේශපාලන ව්‍යාපාරයකි. ඒ ගැන මතභේදයක් වත්මන් ජ.වි.පෙ. නායකයන් කිසිවකුවත් ඵල නොකරනු ඇති බව අපේ විශ්වාසය ය.

“ක්‍රමය” යනු, අධිරාජ්‍යගැති ධනේෂ්වර පාලන තන්ත්‍රය ය. “පද්ධතිය” යනු එම ධනේෂ්වර ක්‍රමය විසින් ඇති කර තිබෙන යාන්ත්‍රණය ය. ඒ අනුව, “ක්‍රම” හෝ “පද්ධති” විරෝධියා යනු එම අධිරාජ්‍ය ගැති ධනේෂ්වර පාලන ක්‍රමයෙන් හා එයට අනුව හැඩ ගැසී ඇති පද්ධතියෙන් ස්වකීය රාජ්‍යය එලියට ගැනුමට සටන් වදින්නා ය. සම්භාව්‍ය වාම සාහිත්‍යයේ එබඳු සුවිශේෂී වෑයමක නිරතවන්නන්ට කියන්නේ “විප්ලවකාරීන්” කියාය.

’50, ’60, ’70 දශකවල දී නම් විවිද තත්වයන් යටතේ රාජ්‍ය බලය (ආණ්ඩු බලය නොවේ!) හිමිකරගත්තේ “ක්‍රම විරෝධී” විප්ලවකාරී විමුක්තිකාමී පක්ෂය. සාර් ආධිරාජ්‍යයේ වැඩවසම් ආධිපත්‍යවාදී පාලනයට එරෙහිව රුසියානු කොමිනියුනිස්ට් පක්ෂය ඉටු කළේ එම භූමිකාවය. සාර්ගේ බලය පෙරලා දැමූ කල ඇතිවූයේ “සෝවියට් සංගම්” බලය ය. එය ඉතාම ප්‍රබල නිර්මාණාත්මක හැරවුමක් බව අවිවාදිතය.

චීනයේද කතාව එබඳුය. ජපන් ආක්‍රමණයට එරෙහිව සටන් කළ චීන කොමිනියුනිස්ට් පක්ෂය එම සටනෙන් ජය ලබා ඇති කළේ සමස්ථ පද්ධතියේම (ක්‍රමයේම) වෙනසක්ය. වියට්නාමය ගත්ත ද එසේය. කියුබාව ද එසේම වූ බව සැබෑය. ඕන නම් කෙනෙකුට උතුරු කොරියාව ද එසේමැයි කිව හැකිය.

එහෙත්, එසේ වූවාට මේ එකිනෙක අතර ඇත්තේ හොඳින් විමර්ශනය කළ විට එකිනෙකට වෙනස් කතාවක්ය. ඒ කතා කියවාගැනීමෙන් තොරව, මේ කතාවේ සම්පූර්ණ පිංතූරය අපට කියවාගන්නට හැකිවන්නේ නැත.

ජනප්‍රිය පුවත්  කළකම් ඵල දීම - පෙරටු වර්ෂන් එක!

කියුබාවේ “සමාජවාදය” අද බරපතල සම්බාධක මැද්දෙ පවතින්නේ (හුස්මගන්නේ) දේශපාලන වශයෙන් කියුබාව “සමාජවාදී” වූවත් සංස්කෘතිකමය වශයෙන් කියුබාව “ඇමරිකන්” නිසා ය. කියුබාවේ සංස්කෘතික ජීවිතය, එනම්, ලිංගිකත්වය, LGBTQ ආදී සියල්ල ඇමරිකානු ලිබරල්වාදී සංස්කෘතියට බෙහෙවින් සමානය. එහි සමලිංගික විවාහ නීත්‍යානුකූලය. සංක්‍රාන්ති ලිංගිකත්වයට ඇත්තේ ඇමරිකානු සමාජයේ ඇති පිළිගැනීමම ය. ආදරය, ලිංගිකත්වය, විවාහය, පුද්ගල නිදහස යනාදිය අතින් ගත්තත් සියයට සියයකින් නොවුනත් සංස්කෘතිකවශයෙන් කියුබානු සමාජය “බටහිරට” ලඟය.

එහෙත් ආර්ථික ජීවිතයේදී කියුබාව බටහිරට බොහෝ සේ දුරය. සුළු ව්‍යාපාර කියුබානුවන්ට ආරම්භ කිරීමේ අයිතිය ලැබුණේද මෑතකදීය. මිනිසාගේ ස්වාභාවික උන්නතිකාමී බව එතන තිබෙන්නේ “ක්‍රමය” විසින් පාලනයට නතු කරය.

චීනය මෙතනදී වෙනස් ය. එරට කොමියුනිස්ට් පක්ෂය විසින් එකී රට පාලනය කරන බව සැබෑය. එහෙත් “සමාජවාදී වෙළෙඳපොළ ආර්ථික” මොඩලය මගින් චීනය ධනවාදයට සමීපය. ආර්ථිකමය වශයෙන් ධනවාදයට සමීපය. එහිදී සිදුවන්නේ මිනිසාගේ ස්වභාවික උන්නතිකාමී ගතිකත්වයට ඉඩ හිමිකරදීමය. එහි ඵල ජාතිය සතු කරගැනීමය. ඒ නිසා චීනය අද හැම අතින්ම ලෝකයේ අංක 01 ය. වියට්නාමය ද චීනය මෙන් “වෙළෙඳපොළ සමාජවාදය” ලෙස තම ගමන ස්ථානගත නොකළත් එය යන්නේ ද ඒ මාවතේම ය.

ජ.වි.පෙ. ක්‍රම විරෝධී, පද්ධතිමය පරිවර්තනයකට බැඳුණු දේශපාලන පක්ෂයක් බව එහි මුල් අනන්‍යතාව ය. 1971 අප්‍රේල්වල දී එය සටන් කළේ එවැනි අරමුණක් සහිතවය. එහෙත් අද ජ.වි.පෙ. ට අධිරාජ්‍යගැති ධනේෂ්වර ක්‍රමය (කොම්ප්‍රදෝරු ධනපති ක්‍රමය) සමඟ මෙලෝ ගැටීමක් නැත. අද පාලන බලය හිමිකරගෙන ඇති ජ.වි.පෙ. රහසින් හෝ අධිරාජ්‍යගැති ධනේෂ්වර ක්‍රමය සමඟ ගැටීමක් ඇති කරගෙන නැත. ඒ වෙනුවට ජ.වි.පෙ. දැන් ඒ අධිරාජ්‍යගැති ධනේෂ්වර පාලන ක්‍රමය නැමැති නරාවලහි ලැග සිටින සූකරයකු බවට පත්ව හමාරය.

ජනප්‍රිය පුවත්  කෙබරයාගේ ගණිතය‍

අනුර කුමාරලා ගැන IMF එක මරුයැයි කියන්නේ ඒ හින්දාය. දේශීය කොම්ප්‍රදෝරු ධනපතියන් වූ ධම්මික පෙරේරාට අනුරගේ පාලනය පට්ට වී ඇත්තේ ඒ හින්දාය.

කොම්ප්‍රදෝරු යනු, “ලබා ගන්නවා” හෝ “සපයනවා” යන අර්ථය දෙන ලතින් භාෂාවේ Comparare යන වචනයෙන් බිඳී ආවකි. එයින් බිඳී හා Comprador යන පෘතුගීසි වචනයේ නියම අර්ථය වන්නේ “මිලදීගන්නා” යන්නයි. චීනයේ දී (චීන විප්ලවයේදී) මෙයට ලැබුණු අර්ථය වූයේ තම මව්බිමේ ජාතික ආර්ථිකය පාවාදී ලාභ ඉපැයීම සඳහා භාහිර අධිරාජ්‍යවාදීන් මත යැපෙන හා ගැතිකම්කරන “පරපෝෂිත ධනපති පන්තිය” යන්නය. මේ කොම්ප්‍රදෝරු ධනපතියා යැපෙන්නේ විදේශීය බලවතුන්ගේ ව්‍යාපාරික අවශ්‍යතා මතය. ඔහු ලාභ උපයන්නේ විදේශීය භාණ්ඩ දේශීය වෙළඳපොළට හඳුන්වාදීම සහ දේශීය සම්පත් විදේශයන්ට ඇදීයාමට සැලසීමෙන්ය. කොම්ප්‍රදෝරු ධනපතියා නිසා ජාතික ධනපති පන්තිය බිඳවැටේ. තමන්ගේ ව්‍යාපාරික වාසි ආරක්ෂාකරගැනීම සඳහා මොවුන් සෑමවිටම විදේශගැති දේශපාලන බලවේගවලට උදව් කරති. මේ වනවිට නම් අප වැනි රටවල සිටින්නේ කොම්ප්‍රදෝරු ධනපතීන් පමණක් නොව දැන් මෙහි කොම්ප්‍රදෝරු නිලධාරින් ද, කොම්ප්‍රදෝරු දේශපාලඥයින් ද ඇති පදමට වෙසෙති.

අපට ධනපති ක්‍රමය ලබාදුන්නේ බ්‍රිතාන්‍යයින් ය. ඒ ක්‍රමය තුළ බිහිවුනේම දේශීය සම්පත් සහ ශ්‍රමය සූරාකෑමට උදව් කරමින් යටත් විජිත පාලනයට කඹුරන ලද ධනපතියෙක් ය. අරක්කු රේන්ද ව්‍යාපාරයෙන් ලංකාවේ මුල්ම ධනපතියන් බිහිවූයේ ඒ අනුවය. ඔවුන් ධනපතියන් වූයේ ස්වදේශික මිනිසා බේබද්දෙක් බවට පත්කොට, බ්‍රිතාන්‍ය රජයට බඳු ආදායම ද උපදවා දී තමන් අතිශය වැඩි ලාභ පංගුවක් හිමිකර ගැනීමෙන්ය. මිනිරන් කර්මාන්තය තුළින් ද බිහිකෙරුණේ ලාභ දේශීය ශ්‍රමය යොදවා ලබාගත් මිනිරන් අමුද්‍රව්‍ය ලෙසම බ්‍රිතාන්‍ය සමාගම්වලට අපනයන කර ධනය උපයාගත් ධනපතීන්ය.

මේ කොම්ප්‍රදෝරු ධනපතියා සංස්කෘතික වශයෙන් බ්‍රිතාන්‍යයින්ට ගැති විය. භාෂාවෙන්, ඇඳුමෙන් පැලඳුමෙන්, ආගමෙන්, කනබොන විදියෙන් යන මේ හැම දෙයින්ම ඔවුහු කළු සුද්දෝ වූහ.

ජනප්‍රිය පුවත්  බොරු සහ ගොදුරු

නූතන ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික ව්‍යුහය දෙස බලන විට, 19 වැනි සියවසේ දී බිහි වූ මේ කොම්ප්‍රදෝරු ධනපතියා අද පවතින්නේ වෙනස් තත්වයක් තුළය. ඔවුන් අද යැපෙන්නේ බහුජාතික සමාගම්, ජාත්‍යන්තර මූල්‍ය ආයතන, (IMF / ලෝක බැංකුව) මතය. විදේශීය ආයෝජන හා පෞද්ගලීකරණය හරහා තම තැ‍රැව්කාර කොමිස් මුදල වැඩිකරගැනීම ඔවුනගේ අපේක්ෂාවය. දේශීය වශයෙන් වැදගත් යමක් නොනිපදවන ඔවුන් පිටරටින් නිමිභාණ්ඩ ආනයනය කර විකිණීමට හෝ මෙරට අමුද්‍රව්‍ය එලෙසින්ම පිටරටට පැටවීමට කැමැත්ත දක්වයි. එසේත් නැතහොත් මූල්‍ය සේවා ආර්ථිකය තුළ ඔවුන් වැජඹේ.

ධම්මිකලා ඇතුළු මෙරට බහුතර ධනපතියෝ වැටෙන්නේ මේ ගොඩටය. අද ජ.වි.පෙ. පාලන බලයක් යටතේ ඉහලින්ම වැජඹෙන්නේ මේ ධනපතියෝම ය.

මැතිවරණයකින් බලය ගන්න නූතන ක්‍රම විරෝධී පක්ෂයකට එකවර “ක්‍රමය” පරිවර්තනය කළ නොහැකි බව සැබෑය. එහෙත්, ඔවුන් ඉදිරිපිට වන පළමු ගැටුම වන්නේ ජාතික ධනේෂ්වරය පැත්තේ සිටගෙන කොම්ප්‍රදෝරු ධනවාදය සමඟ වන සටනය. විප්ලවවාදී කතා නැතත් පුටින්ලා රුසියාවේ දී හැපුනේ ඒ පන්තිය සමඟය. හියුගෝ චාවේස්ලා වෙනිසියුලාවේදී හැපුනේ ඒ පන්තිය සමගය. ලතින් ඇමරිකාවේ විවිද රටවල ඡන්දෙන් බලය ගත් වමේ පක්ෂ හැපෙන්නේ ඒ පන්තිය සමඟය.

මෙතන එහෙම කිසි හැපිල්ලක් නැත. මෙතන ඇත්තේ අළුත් හොරු ටිකත් පරණ හොරු සමග වන නාටකීය ගැටුමය. පහල සාමාජික ජ.වි.පෙ. කාඩරය සිතා සිටින්නේ සටන එයයැයි කියාය. අපට කියන්නට ඇත්තේ අම්මපා උබලා පව් කියාය. කොම්ප්‍රදෝරු ධනපති තොටිල්ලේ නැලවෙන උඹලාට “සුව නින්දක් ලැබේවා” කියාය. ඒ හැර අප වෙන මොනවානම් කියන්න ද?

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x