June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මේ රට මෙහෙම තියෙන්නේ අපි හින්දා – මාලිමා මන්ත්‍රී මනුවර්ණ

1 min read

ලෝක යුධමය තත්වය යටතේ වත්මන් ආණ්ඩුවට පාලනය කිරීමට නොහැකි තෙල් මිල ඉහල යාම වැනි කාරණාවන් පැවතියද ශ්‍රී ලංකාව වත්මන් ආණ්ඩුව විසින් මනා ලෙස කළමනාකරණය සිටින බැවින් මෙවැනි තත්වයක පවතින බවත් නොමැතිනම් ජනතාවට කුසගින්නේ මියයාමට සිදුවනු ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ පවසනවා.

ඊයේ (10) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

එමෙන්ම හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ රැඳවුම් නියෝග මත සිටියදී මෙතෙක් කිසිදු සද්දයක් නොමැතිව බලා සිටි පිරිස් හි කෙඳිරිය, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට විදෙස් ගමන් තහනම පැනවීමත් සමඟ මේ වන විට අදෝනාවක් බවට පත් වී ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසනවා.

මෙම සිදුවීමත් සමඟ කිසිම හාවක් හූවක් නැතුව හිටපු පිරිස් පිටකොටුවේදී තක්කඩියන් පිරිසක් සමඟ වාඩි වීමට කටයුතු කළ බවත්, එහි දවස් දෙකක් තුනක් සිටින විට විට ජනතාවගෙන් විරෝධතා එල්ල වූ බවත් ඒ මහතා සඳහන් කරනවා.

අද සවස ඔවුන් කොටුවේ විරෝධතාවෙන් නැඟිට ගොස් ඇති බවත්, තවත් දවසක් දෙකක් ඔවුන් එතැන සිටියා නම්, ඔවුන්ට මිනිසුන්ගෙන් ‍ගුටි කෑමට සිදුවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ජනප්‍රිය පුවත්  මාලිමා මන්ත්‍රීට පහරදීමක්!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x