June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ටිල්වින් හා විනිසුරුවන් අතර රහසිගත හමුවක් !

1 min read

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන දේවගැතිවරයාගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දෙවසරකින් දීර්ග කිරීමට ජනාධිපති දරන වෑයමට එරෙහිව මෙරට නීතීඥ ප්‍රජාව, විශ්‍රාමගිය විනිසුරන් හා තවත් සිවිල් සංවිධාන රාශියක් එක්ව බලවත් විරෝධතා ක්‍රියාමාර්ග වෙත එළැඹීමට මේ වන විට සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරන් සඳහා විශ්‍රාම වයස දෙවසරකින් දීර්ග කිරීම යනු, දේවගැති අගවිනිසුරුවරයාගේ ඒකාධිපති හස්තයට අවශ්‍ය පරිදි සමස්ථ අධිකරණය නැටැවීමට දෙනු ලබන නිදහස් බලපත්‍රයක් බව බොහෝ විනිසුරන්ගේ මතය වී තිබේ.

මේ වන විට කිසිදු මූලික අයිතිවාසිකම් කඩවීම පිළිබඳ පැමිණිලි සලකා බැලීමකින් තොරවම ඉවත දමන්නේ දේවගැති අගවිනිසුරුවරයාගේ තනි අභිමතයට අනුවය. ඔහු විභාගයට ගැනෙන නඩු පිළිබඳව අදාළ විනිසුරන්ට දෙනු ලබන නියෝග අනුව ක්‍රියා නොකළහොත්, එවැනි විනිසුරන්ගේ රාජකාරි ජීවිතය බරපතල අවධානමට ඇද වැටේ. දැනට වැඩ තහනම් කර ඇති විනිසුරන් 43 න් සැලකියයුතු ප්‍රමාණයක් ඉන්නේ එවැනි විනිසුරන්ය.

මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණයේ පුරප්පාඩු රැසක් පවත්වාගෙන යන්නේ විශේෂ නඩු විභාග කරන විනිසුරන්ට බාර දී ඇති පරිදි නඩු විභාගය සිදු කර තීරණය ලබා දුනහොත් උසස්වීම් ලබාදීම සඳහාය. පැහැදිලිවම එය අල්ලස් දීමක් බව නීති විශාරදයින්ගේ මතය වේ.

ජනප්‍රිය පුවත්  underground කිව්වා හරි !නිලුපුලීටත් ප‍්‍රමෝෂන්!

මේ තත්වය හමුවේ පීඩාවට පත්ව සිටින ප්‍රධාන පෙළේ විනිසුරන් 5 දෙනකු මීට ටික දිනකට පෙර ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා රහසිගතව මුණ ගැසී ඇත. එසේ මුණ ගැසී, දේවගැති අගවිනිසුරුවරයාගේ නරුම ක්‍රියාකලාපය පිළිබඳව උදාහරණ සහිතව කරුණු ඉදිරිපත් කර ඇති ඔවුන්, අධිකරණය කෙරෙහි මහජන විශ්වාසය බිඳ දැමීමට අගවිනිසුරුවරයාට ඉඩ නොදෙන මෙන් ඉල්ලා තිබේ.

පැය කිහිපයක සාකච්ඡාවකින් පසු ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඔවුන්ට සමු දී ඇත්තේ යහපත් මැදිහත්වීමක් සිදු කරන බවට විශ්වාසය ඇති කරමිණි. එහෙත් එසේවුවත් ටිල්වින් සිල්වා හමුවීම නිසා, සිදුවන හානිකර ක්‍රියාදාමයේ කිසිදු වෙනසක් සිදු වී නොමැතිබව මේ වන විට අදාළ විනිසුරන් 5 දෙනාගේ මතය වී තිබේ.

කෙසේ වෙතත්, අධිකරණ විනිසුරන්, නීතිඥයන් ඇතුළු බලවේග ගණනාවක් ජනාධිපතිගේ අත්තනෝමතික පියවර නතරකිරීමට ප්‍රභල උත්සාහයක නිරතවෙමින් සිටිති. වාර්තාවන පරිදි අදාළ සාකච්ඡාවේ තොරතුරු ජනාධිපතිවරයාට දැනුම්වත් කිරීමටවත් ටිල්වින් සිල්වා උත්සාහ දරා නැත.

  • ජනිතා රණවක –
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x