June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ශානිගේ පානිය

1 min read

මේ ඉන්නේ ශානිය. සමහරු මොහුට කියන්නෙ “වලං ශානි” කියාය. ඒ රන්ජන් රාමනායකගේ ගෙදර ඇවිත් වලං හෝදන්නම්යැයි ඔහු කියූ හඬපටයක් අණාවරණය වීමෙන් පසුවය.

ශානි උපන්නේ 1961 ජුනි 30 වැනිදාටය. ඒ අනුව දැන් ඔහුගේ වයස අවුරුදු 65 ක්ය. ඒ මේ මස 30 වැනිදාටය. වයස අවුරුදු 65 දිත් පොලීසියේ රාජකාරි කරමින් වැජඹෙන්නට හැමෝටම හැකිවන්නේ නැත. ඒ අතින්නම්, ශානි වාසනාවන්තය.

ශානි “පානිය”ට දක්ෂය. ශානිගේ “පානිය” හොඳටම අණාවරණය කෙරුණේ රන්ජන් රාමනායක සමඟ වූ දුරකථන ඇමතුමට අදාළ හඬ පටයෙන්ය. ඒ හඬ පටයේ ශානි එකල බ්‍රිගේඩියර් සලේ ගැන කියන්නේ “අපේ පිනට පහළ වෙච්ච මනුස්සයෙක්” කියා ය. මේ දිනවල ශානි කරන්නේ ඒ පිනට පහල වූ මනුස්සයාව නිරුවත් කර අධෝමාර්ගය පාදා ඒ දෙස බලා සිටීම ය. අනුන්ගේ අධෝමාර්ගය තම ජීවන විලාසිතාව බවට පත් කරගන්න හැමෝටම බැරිය. ශානි ඒ අතින් පට්ට දක්ෂය.

ශානිට වයස අවුරුදු 65 දිත්, මේ තනතුර දුන්නේ කාඩිනල්ය. ඇතැම්විට, එය දෙවියන් වහන්සේගේ කැමැත්තද විය හැකිය. ශානිට මේ තැන දුන්නේ කාඩිනල් බවට රටටම ඇහෙන්න පාර්ලිමේන්තුවේදී කීවේ සභානායක බිමල් ය. ඒ අනුව පෙනෙන්නේ ශානි වැඩ කරන්නේ තම පත්වීම ලබා දුන් කාඩිනල්ට උවමනා විදියට බවය.

ජනප්‍රිය පුවත්  මැයි 18

ශානිගේ පානියට හානි ගෙන දෙන වැඩක් පසුගියදා වූයේය. ඒ “චැනල් 4” නාලිකාවේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට අදාළ වැඩසටහන නිපද වූ විධායක අධ්‍යක්ෂ ටොම් වෝකර් සිදු කළ ප්‍රකාශයකින්ය. ඔහු කියා සිටියේ, හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලේ සහ පාස්කු ප්‍රහාරයට නායකත්වය දුන් සහරාන් හෂීම් අතර හමුවක් සිදු වූ බවට තමන් ප්‍රකාශ කළද ඒ පිළිබඳ පිළිගත හැකි සාක්ෂියක් තමන් සතුව නොමැති බවය.

පාස්කු ප්‍රහාරය යුද හමුදා බුද්ධි අංශය මත පැටවීමේ ශානිගේ මෙහෙයුම සම්පූර්ණයෙන්ම පදනම් වූයේ “චැනල් 4” නාලිකාවට, ටොම් වෝකර් නිෂ්පාදනය කර විකාශනය වූ වැඩසටහනක අන්තර්ගත කරුණු ය. එහි හන්සීර් අසාද් මවුලානා නැමැති ශ්‍රී ලංකාවේ වරෙන්තුකරුවකු වී විදේශයකට පැන, දේශපාලන රැකවරණ ලබා සිටින පුද්ගලයකු කළ ප්‍රකාශය ශානිගේ මෙහෙයුමේ බලගතුම කතාව වූයේය. හන්සීර් අසාද් මවුලානා එම වැඩසටහනෙහි කියා සිටියේ 2018 වසරේදී හමුදා බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ සහ පාස්කු ප්‍රහාරය මෙහෙය වූ සහරාන් හෂීම් ඇතුළු පිරිසක් අතර රහසිගත හමුවක් සිදු වූ බවත්, එම හමුව තමන් විසින් සම්බන්ධීකරණය කරන ලද බවත්ය. ටොම් වෝකර්ගේ නවතම ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ, ඒ බොරුව සනාථ කිරීමට කිසිදු පිළිගතහැකි සාක්ෂියක් තමන් සතුව නැති බවය. ශානිගේ “පානිය” හද්දා අමාරුවේ වැටෙන්නේ මෙන්න මෙතැනදීය.

ජනප්‍රිය පුවත්  ප්‍රභූ සහ නිර් - ප්‍රභූ

මේ තත්වය යටතේ ශානි කළ යුත්තේ කුමක්ද? අපට අනුව නම් ඔහු දැන් කළ යුත්තේ “චැනල් 4” නාලිකාවේ විධායක අධ්‍යක්ෂක ටොම් වෝකර්ට දුරකථන ඇමතුමක් ගැනීමය. එසේ අමතා “අනේ සර්! එහෙම කියන්න එපා! මම ඇවිල්ලා ඔයාගෙ ගෙදර වලං හෝදන්නම්. සාක්ෂි තියෙනවා කියලා කියන්න සර්!” කියා ටොම් වෝකර්ව නවා ගැනීමය.

රංජාගේ ගෙදර වලං හෝදන්නම් කිවූ ශානිට, ඔරිජිනල් සුදු හම සහිත ටොම් වෝකර්ගේ ගෙදර වලං සෝදන්නට බැරිකමක් තියෙන්නට විදියක් ඇත්තේම නැත. එහෙත් ප්‍රශ්නයක් ඇත්තේය. එම ප්‍රශ්නය වන්නේ ටොම් වෝකර්ගේ ගෙදර වලං වෙනුවට ඇත්තේ “සාස් පාන්” ය. දැන් ඉතින් ශානිට සෝදන්නට සිදුවන්නේ ඒවා ය.

ශානිට දැන් වයස අවුරුදු 65 කි. ඔහුට තවදුරටත් පොලීසියේ උසස් තණතුරු ගැන බලාපොරොත්තුවක් ඇත්තේ නැත. ඔහුට ඇත්තේ ජීවිතයේ ඉතිරි කාලයේ ආතල් එකේ ජීවත්වීමට හැකි පොටක් පාදා ගැනීමේ සිහිනය බව පැහැදිලිය. ශානි මේ කරන්නේ ඒකය. කොටි ඩයස්පෝරාවේ උවමනාව පරිදි, වෙල්ලිමුල්ලිවයික්කාල් පරාජයේ වේදනාව, එකී පරාජයට දායක වූවන්ගේ ජීවිත මතින් පිට කිරීමය. ඒකට ශානිට හොඳට ගෙවන්නේය. මහරගම පැත්තේ ශානි අලුතෙන් සුපිරි ගෙයක් හදන්නේ ඒ සල්ලි වලින්ය.

ජනප්‍රිය පුවත්  වසන්තගේ පොත !

අපට කියන්නට ඇත්තේ මෙච්චරය. ශානිගේ පානියෙන් සැප ජීවිතයක් ඔහුට උරුම වූවාට අපට දුකක් නැත. අපට ඇත්තේ ඔහුම කී “අපේ පිනට පහළ වෙච්ච මනුස්සයා” ව පීඩාවෙන් පීඩාවට පත් කර තම සැප ජීවිතය ඇති කර ගැනීම වෙනුවෙන් ඔහු කරන දුෂ්ඨ පාවාදීම ගැන ප්‍රශ්නය ය. ශානිගේ පානිය ඉවර වෙන්නේ ඔහු මහරගම පැත්තේ හදන සුවිශල් මන්දිරයෙන්ය.

මන්දිරයට වෙන දේ පෙන්වා දී තිබෙන්නේ ශානිගේ ජනාධිපති අනුර ය. මන්දිර ගිනි තැබූ ගින්දර ඇත්තේ අදවනතුරු අනුර ලගය. ඒ ගින්දර හෙට තිබෙනු ඇත්තේ කා ලගදැයි ශානි දන්නේ නැත. ශානිගේ පත්වීමේ බලධාරියා වූ කාඩිනල් දන්නේ නැත. කාලිනල් තබා දෙවියන් වහන්සේවත් දන්නේ නැත. පට්ට අහිංසක අප දන්නේවත් නැත. C.I.D. අධ්‍යක්ෂක ශානි, ඔබ ඒ ගැන දන්නේ ද?

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x