ඈ බං ධම්මික… තවත් මදිද?
1 min read
මිනිහෙකුගේ ඕනෑම නරක ගතියකට, ඇවතුම් පැවතුම් වලට සීමාවක් තිබිය යුතුයි.
මන්ද ඒ සීමාවෙන් එහා අතිශය නරක මිනිහෙකුගේ පවා හොඳ ගති මතුවෙනවා.
ඉතාම නරක යැයි සම්මත මිනිස්සු පවා හොඳ වැඩ කරනවා අපි දැකලා තියෙනවා.
නමුත් ඉතාම කලාතුරකින් මිනිහෙකුට සීමාවක් නැතිව මජර වෙන්න පුලුවන් කියලා උදාහරණයක් අපි මෑතක දී දකිමින් ඉන්නවා.
ඒ ධම්මික පෙරේරා.
ධම්මික මාලිමා ආණ්ඩුවට උදව් කරපු බවත්, ආණ්ඩුව ධම්මිකට ඉතා හිතවත්ව කටයුතු කරන බවත් මාලිමා ආණ්ඩුව බලයට පත් වූ මොහොතේ සැකයක් හෝ පුදුමයක් වුණේ නැහැ.
සමාජ කියවීමක් හෝ සබදතා නැති ග්‍රාමීය ඩෝබීන් හැර සියළුම දෙනා එය දැන සිටියා.
නමුත් මිනිසුන් එය ප්‍රශ්න කළේ නැහැ. මන්ද ඉතිහාසයෙත් රජයන් සහ ව්‍යාපාරිකයන් සමීපව කටයුතු කරනු දැක තිබූ නිසා.
නමුත් දැන් මාලිමාව සහ ධම්මික පෙරේරා ඒ සියලූම සීමාවන් බිඳ දාලා, වැටෙන්න පුලුවන් පහතටම වැටිලා.
ආණ්ඩුව බලයට පත් වූ මොහොතේම ශ්‍රී ලංකන් ගුවන් සමාගම සින්නක්කරවම ධම්මිකට දුන්නා.
ශ්‍රී ලංකන් සමාගමේ සභාපතිවරයා ලෙස ධම්මිකගේ ඉත්තෙක් පත් කළා.
අධ්‍යක්ෂක මණ්ඩලයට ධම්මිකගේ ගෝලයන් පත් කළා.
ඒත් එක්කම බංකොළොත් ශ්‍රී ලංකන් සමාගමට, අයවැයෙන් මහජන බදු මුදල් මිලියන 20,000 ක් වෙන් කළා.
ඒ බදු මුදල් ධම්මිකට නිදහසේ ක්‍රීඩා කරන්න, බිස්නස් කරන්න, හොරකම් කරන්න දීපු සල්ලි.
ධම්මික ශ්‍රී ලංකන් ගුවන් සේවය සූරාගෙනම කෑවා.
ශ්‍රී ලංකන් හි ලාභදායක මර්මස්ථාන සියල්ලටම, තමන්ගේ පුද්ගලික ව්‍යාපාරයෙන් තරගකාරයො ගෙනාවා.
ඉතාම මජර විදියට ශ්‍රී ලංකන් හි ඇතුළේ සිටිමින් ශ්‍රී ලංකන් විනාශ කළා.
ශ්‍රී ලංකන් ලාභ හෙවත් මජනතාවගේ බදු මුදලින් දුවන, පන අදිමින් සිටිනා රාජ්‍ය ව්‍යාපාරයක ලාභ තමන්ගේ පුද්ගලික ව්‍යාපාරයට දා ගත්තා.
රට ගැන් තෙතමනයක් ඇති මිනිහෙකුට කරන්න බැරි වැඩක්.
ඊට පස්සේ ආණ්ඩුව ඉන්දියාවේ අදානි සමාගම කිරීමට නියමිතව තිබූ සූර්ය බල විදුලි ආයෝජනයකින් අදානි සමාගම ඉවත් කළා.
මුල් ආයෝජනයට අනුව ආණ්ඩුව විදුලි ඒකකයක් මිලට ගන්න තිබුනේ ඉතා අඩු මුදලකට.
අදානි එලවලා ඒ ආයෝජනයට ආණ්ඩුව තෝරගත්තේ ධම්මික. ඒ මුල් ගිවිසුමට වඩා වැඩි මුදලකට.
ඊටපස්සේ ගල් අඟුරු වංචාව සිද්ද වුණා.
ආණ්ඩුව ඔවුන් විසින්ම තෝරාගත් ජාවාරම්කාර සැපයුම්කරුවෙකුට ගල් අගුරු ටෙන්ඩරය දීලා රටට විශාල හානියක් සිදු කළා.
ඊටපස්සේ ආණ්ඩුව විශාල සහ නොවටිනා මුදලකට ගල් අඟුරු හදිසි මිලදි ගැනීමේ ටෙන්ඩරයක් කැදෙව්වා.
ගල් අඟුරු හදිසි මිල දී ගැනීමේ ටෙන්ඩරය ගත්තේ ධම්මික.
ඒ ජාත්‍යන්තර සමාගම් ඉඳිද්දී.
ඊටපස්සේ අනුර ඇවිල්ලා පාර්ලිමේන්තුවේ ගල් අඟුරු හදිසි මිලට ගැනීම් ටෙන්ඩරය දුන්නේ ‘විශ්වාසවන්ත’ සමාගමකට කියලා කිව්වා.
ඒ ධම්මික.
මේ අවුරුදු දෙක හමාරේ රජයේ ටෙන්ඩරයක් ගියා නම් ඒ හැම ටෙන්ඩරයකටම ධම්මික ඔලුව දැම්මා.
ආණ්ඩුව ඇතුලේ තොරතුරු අරන් හොරකම් කළා.
ආණ්ඩුවේ ලාභ ලබන ව්‍යාපාර දුර්වල කරලා ඒ ව්‍යාපාර තමන්ට කඩා ගන්න වැඩ කළා.
තමන්ට උවමනා පරිදි නීති, රෙගුලාසි නැමුවා.
කොටින්ම මේ ධම්මිකගේ ආණ්ඩුවක්.
අලුත්ම සිදුවීම ආණ්ඩුව වාහන ගෙන්වීමේ බදු වැඩි කිරීමට ආසන්නතම දින වල, ධම්මික අසාමාන්‍ය විදියට වාහන ගේන්න LC විවෘත කරලා.
එතන දී ධම්මික ආණ්ඩුව බදු වැඩි කරන බව කළින් දැනගෙන.
එවැනි තීරණයක් ඔහුට දැනගන්න පුලුවන් වෙන්නේ එක්කො ජනාධිපතිගෙන්. නැත්නම් ඔහුගේ අභ්‍යන්තර කවයෙන්.
ධම්මික මේ තොරතුර භාවිතා කරලා ඩොලර් මිලියන ගණනාවක් බදු වංචා කරලා.
මහා භාණ්ඩාගාරයට අයවිය යුතු බදු.
මේ ආණ්ඩුව ඉංග්‍රීසි වලට බය, කෝර්ට් එකට බය, මිනිහෙක් එන වාහනයට බය, සල්ලි වලට බය කුඩා මිනිස්සුන්ගේ ආණ්ඩුවක්.
සල්ලි තියෙනවා නම්, කෝර්ට් අදිනවා නම්, හොඳ වාහනයක එනවා නම් මේ ආණ්ඩුවේ ජනාධිපතිගේ ඉඳන් ඇමතිලා දක්වාම පාලනයට ගන්න පුලුවන්.
ධම්මික මේ කලාව හොඳින්ම අවබෝධ කරන් ආණ්ඩුව පාලනය කරන , ජනාධිපතිගේ ඉඳන් මන්ත්‍රීවරු දක්වාම තමන්ගේ පාලනයේ තියන් ඉන්න මිනිහෙක්.
අද ජනාධිපතිට ධම්මික කතා කරන්නේ ‘මල්ලි’ කියලා. ධම්මික අයියා. අනුර මල්ලි.
ධම්මික බොහොම කුඩා තැනකින් ආපු මිනිහෙක්.
ඔහු මුලින්ම තේ කඩය කරපු තැන මම දන්නවා.
ඊටපස්සේ ජනාධිපති ප්‍රේමදාස පුද්ගලික ප්‍රශ්නයක් නිසා ලංකාවේ ස්ලොට් මැෂින් කරපු චීනා එලෙව්වට පස්සේ, ඒ ස්ලොට් මැෂින් ව්‍යාපාරය අතට අරගත්තු හැටිත් දන්නවා.
අද ඔහු ලංකාවේ ප්‍රකෝටිපතියෙක්. මහා ව්‍යාපාරිකයෙක්, ධනවතෙක්.
ලෝකයේ මිනිස්සු ඔය මට්ටමට ආවට පස්සේ බොහෝ වෙලාවට නිවෙනවා.
එතැන් සිට තමන්ගේ රටට සහ ලෝකයට උදව් කරන්න උත්සාහ කරනවා.
හැබැයි ධම්මික ?
ඉතාම මජර විදියට, ඉතාම නරක විදියට තාම හොරකම් කරනවා.
ඇත්තටම ලැජ්ජාවක්, මනුස්සකමක් කියලා දෙයක් ගෑවිලාවත් නැත්ද ධම්මික ?