July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ටිල්වින් සිල්වා සහ ජෙරම් ප්‍රනාන්දු අතර වෙනසක් තියෙනවද ?

1 min read

මේ කතාව වඩා හොඳට වැටහෙන්න නම් ඔබට ජවිපෙ අභ්‍යන්තර දේශපාලනය ගැන දැනුමක් තියෙන්න ඕන.

● ටිල්වින් සිල්වා කියන්නේ කල්ට් නායකයෙක්. සරලවම ලංකාවේ සංවිධානාත්මකම, බලවත්ම, වැඩිම වහල්ලු සහ බැතිමත්තු ඉන්න කල්ට් එකේ නායකයා. ජවිපෙ සාමාජිකයන් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක සාමාජිකයො නෙවෙයි. උප සංස්කෘතියක් අනුගමනය කරනා කල්ට් එකක බැතිමත්තු.
ජෙරම් ප්‍රනාන්දුගේ කල්ට් එක ඊට වඩා ගොඩක් පොඩියි.

● ටිල්වින්ට මිනිස්සු කන්වින්ස් කරන්න ස්ටෝරියක් තියෙනවා. ඒ ස්ටෝරිය ඔහු තමන් ලඟට එන හැමෝටම ප්‍රීච් කරනවා. ස්ටෝරිය කොමියුනිස්ට්වාදය. ඒක පූජනීය කතාවක්. අත තියන්න බැරි තැනක්.
හැබැයි කොමියුනිස්ට්වාදය තමන්ට කැමති විදියට, අවශ්‍ය වෙලාවට නවන්න ටිල්වින්ට පුලුවන්. ටිල්වින් තමන්ගේ කතාව අවස්ථානූකුලව වෙනස් කරනවා.

වෙලාවකට ආගම අබිං. වෙලාවකට ආගම යූස් කරන්න ඕන.

වෙලාවකට ඉන්දියාව හතුරෙක්. වෙලාවකට ඉන්දියාව මිතුරෙක්.

මේ සියල්ල තීරණය වෙන්නේ ටිල්වින්ට ලැබෙන වාසි අනුව. හැබැයි න්‍යායාචාර්යවරයා ඔහු නිසා කවුරුත් ඒක අභියෝගයට ලක් කරන්නෙ නැහැ.

ජෙරම් ප්‍රනාන්දුගේ කතාව බයිබලය. ඔහුත් තමන්ගේ වාසියට කතාව විටින් විට නවනවා.

● ටිල්වින් තමන් ලඟට එන මිනිස්සු වශී කරගන්න දක්ෂයෙක්. ටිල්වින් ලඟට එන මිනිස්සු ඊටපස්සේ ටිල්වින්ට මුලු ජීවිතයම කැප කරනවා. ටිල්වින් ‘ලොකු අයියා’ වෙනවා. ටිල්වින්ගේ වාක්‍ය ඔවුන්ට දේව වාක්‍ය වෙනවා. ඔවුන් ටිල්වින් කිසිම සැක කිරීමකින් තොරව පිළිගන්නවා.
ටිල්වින්ගේ අණ පිළිපදින්න බැදී ඉන්නවා.

ජනප්‍රිය පුවත්  පාස්කු ප්‍රහාරයෙ " මහ මොළකරු" ප්‍රබන්ධය උඩු යටිකුරු වෙයි…!

ජෙරම් ප්‍රනාන්දු ලඟට එන මිනිස්සු ජෙරම්ට සල්ලි දෙනවා. තමන්ගේ ආත්මයම කැප කරනවා. ඔවුන් ජෙරම්ගේ වචනය සැකයකින් තොරව පිළිගන්නවා.

● ටිල්වින් තමන් ලඟට එන මිනිස්සු වශී කරගන්න පාවිච්චි කරන්නේ ඔවුන්ගේ ආත්මයේ තියෙන මොකක්හරි හිස්තැනක්. ටිල්වින් පුද්ගලිකව සහ පක්ෂය කියන යාන්ත්‍රණය විසින් මිනිස්සුන්ගේ ඉමෝෂනල් නීඩ් එකක් පුරවනවා.

එක්කො ඒක සමාජ ඇරියස් එකක් වෙන්න පුලුවන්. කුල ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. ලිංගික ඇරියස් එකක් වෙන්න පුලුවන්. ටිල්වින් මිනිස්සුන්ගේ මේ ඉමෝෂනල් නීඩ් එක, හිස්තැන කියවගන්න අති දක්ෂ මිනිහෙක්.
ඔහු ඒ හිස්තැන පක්ෂය කියන යාන්ත්‍රණයෙන් පුරවලා ඒ මිනිහා සදාතනික බැතිමතෙක් කරගන්නවා.

ලාල් කාන්ත ලා වගේ මිනිස්සුන්ට සමාජ ඇරියස් එකක් තිබුණා. ටිල්වින් ලාල්ලගේ පිරෙව්වේ ඒ ඇරියස් එක. තවත් කට්ටියකට කුල ප්‍රශ්නයක් තිබුණා.

පසුකාලීනව ආපු ලක්මාලිලා වගේ චරිත වලට තිබුණේ වෙන ප්‍රශ්න. ටිල්වින් මොන තරම් දුරට ඒ හිස්තැන පුරවලාද කිව්වොත්, ලක්මාලිලා නොදැනම තමන්ම යූස් වෙලා පක්ෂය ඩිෆෙන්ඩ් කරනවා.

හරිනි අමරසූරිය වුනත් ටිල්වින්ගෙන් වන් ටු වන් දේශපාලන පාඩම් ඉගෙන ගත්තු කෙනෙක්. ඇය පවා අද ටිල්වින්ගේ සුචච කීකරු බැතිමතෙක්.

ජනප්‍රිය පුවත්  බැංකු, ජවිපෙ කල්ලි, අයිස්, ජනපති මහත්තයා සහ මහ බැංකුවේ Money Laundering සර්ලා

(ඔය විපක්ෂයේ සමහරු හිතන් ඉන්නවා වගේ JVP එකෙන් බාහිර NPP කියලා එකක් දැන් නැහැ. ඔය හැමෝම ටිල්වින්ට අයියා කියන සුච්ච කීකරු ජවිපෙ සාමාජිකයො. ඒ ටිල්වින්ගේ දක්ෂතාවය)

මේ හැකියාව යම් පමණකට ජෙරම් ප්‍රනාන්දුට තියෙනවා. ජෙරම් ප්‍රනාන්දුත් මිනිස්සුන්ගේ ආත්මයේ හිස්තැනක් ආගමේ සහ අධ්‍යාත්මයේ නාමයෙන් පුරවනවා.

හැබැයි ඔහු ටිල්වින් තරම් දක්ෂ නැහැ.

● ටිල්වින් ස්ත්‍රීලෝලියෙක්. ඔහු පක්ෂයට කාන්තාවන් තමන්ගේ පුද්ගලික ආශාවන් වෙනුවෙන් පාවිච්චි කරනවා. පාවිච්චි කරලා විසි කරලා දානවා.

හැබැයි අනිත් උන්ටත් ඒකම කරන්න දීලා සහ න්‍යාය නැවීමේ හැකියාව නිසා ටිල්වින් අභියෝගයට ලක් නොවී ඉන්නවා.

ජෙරම් ප්‍රනාන්දුට ලස්සන බිරිඳක් ඉන්නවා. ඔහුගේ මූලික අරමුණ බවට පෙනෙන්නේ මුදල්. එම නිසා ඔහුට ස්ත්‍රීන් පාවිච්චි කරලා, විසි කළා කියලා චෝදනා නැහැ.

● ටිල්වින් නායකත්වය දෙන කල්ට් එක ඉතාම විශාලයි. ඉතාම සංවිධානාත්මකයි.

ලංකාවේ ඕනෑම තැනක කුලී වැඩක් කිරීමේ ඉඳලා, ගෙදරකට හොරෙන් පැනීම දක්වා ත්‍රාඩ වැඩ කල්ට් එක වෙනුවෙන් සිදු කිරීමට ඉදිරිපත් වන සාමාජිකයන් ටිල්වින්ට ඉන්නවා.

පහුගිය කාලයේ රංජන් ජයලාල්ට එරෙහිව නඩු පැවරූ නීතිඥවරියකගේ කාර්යාලයේ ලොක් කඩා පැමිණ තිබුණේ මේ බැතිමත්තු.

ජනප්‍රිය පුවත්  දේශපාලන බොරුවලට සමාජයක් ගොදුරුවන ආකාරය

පක්ෂය වෙනුවෙන් කුලී වැඩ කරලා සල්ලි පක්ෂයට දෙන සාමාජිකයො ටිල්වින්ට ඉන්නවා.

ජෙරම් ප්‍රනාන්දුගේ කල්ට් එක ඒ තරම් ලොකු නැහැ. සංවිධානාත්මකත් නැහැ. නමුත් ඔහුගේ අණ දේව වාක්‍ය සේ පිළිගන්නා පිරිසක් ඔහුටත් ඉන්නවා.

● ශ්‍රී ලංකාවේ කල්ට් ගැන කතා කරද්දී ජවිපෙ මගහැර යාම විහිලුවක්.

ජවිපෙ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක් නෙවෙයි.

වෙනස් නොවෙන බල කේන්ද්‍රයක් තියෙන, මිනිස්සුන්ගේ ඉමෝෂනල් නීඩ් වලට කතා කරලා වහල්ලු හදාගන්න, ගෑනු පාවිච්චි කරලා විසි කරන, ගංකඹරයන්ට සෙවණක් වූ කල්ට් එකක්.

එතන නායකයා ටිල්වින්

  • Sachin Rathwatte

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x