June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හොඳ හර්ෂ

1 min read

මේ ඉන්නේ බිමල් රත්නායක ද, ලාල්කාන්ත ද ටිල්වින් සිල්වා ද තවත් බොහෝ දෙනෙක් ද කී ආණ්ඩුවට එකතු කර ගැනීමට අපේක්ෂා කරන එ.ජා.ප.යේ හා ස.ජ.බ.යේ හොඳ මහත්වරුන්ගේ ප්‍රමුඛයාය. ඔහු මේ ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ය. මේ සටහන ලියනු ලබන විට ද ඔහු ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ය. ඔහු නමින් හර්ෂ ද සිල්වා ය. ඔහු මේ කරට අත දමාගෙන සිටින්නේ ජුලී චංග් ගේ ය. ජුලී චංග් යනු කවුරුදැයි අප ඔබට අමුතුවෙන් පැහැදිලි කළ යුතුව නැත.

මේ පින්තූරය දමා ඇත්තේ හර්ෂ ද සිල්වා ගේ මුහුණු පොතේ ය. ඒ පසුගිය 17 වැනිදා ය. පින්තූරය දෙස බැලූ විට පෙනෙන්නේ, හර්ෂ ද සිල්වා ජුලී චංග් හමුවී ඇත්තේ ඇයගේ ඇමරිකාවේ පිහිටි නේවාසික ස්ථානයේ බවය. තමන්ගේ ගෙදරටම හර්ෂ ද සිල්වාට එන්න කියා සංග්‍රහ කරන්නේ ජුලී චංග් තම පට්ට මිතුරෙක්ට ය.

ලංකාවේ බොහෝ දෙනෙකුට ගෝලීය භූ දේශපාලනය තේරෙන්නේ නැත. ඒ නිසා ඔවුන් කරන්නේ, භූ දේශපාලනයේ එකම කඳවුරක එක ඉත්තෙක් පරාජය කර, එම කඳවුරේම තව ඉත්තෙක් තම “ගැලවුම්කරුවා” ලෙස සිතා දිනවීමය. හර්ෂ ද සිල්වා යනු, අනුර කුමාර දින වූ ජුලී චංග් කඳවුරේ තවත් එක් එක ඉත්තෙක් ය.

එවකට ඇමරිකා එක්සත් ජනපදයේ “U.S. Aied” ආයතනයේ ‍ප්‍රධානියාව සිටි සමන්තා පාවෙල් 2020 මුල දී මංගල සමරවීර අමතා කීවේ “මංගල ඔබ තරුණයන්ගේ ෆ්ලැට්ෆෝම් වල ඉන්න තරුණයන්ට ආකර්ෂණය වන්න. එයට අවශ්‍ය මුදල් අපිට කියන්න. අප එය ලබා දෙන්නම්” කියා ය.

ජනප්‍රිය පුවත්  මරු සහ මරේ මරු!

මහළු මංගල ඉන් පසු, ඒ අරමුදල් ලබාගෙන “Youth Hub” කියා දැවැන්ත කාර්යාලයක් විවෘත කළේය. එයට එන තරුණයන්ට මංගල කීවේ තමන්ට මංගල කියා ආමන්ත්‍රණය කරන ලෙසය. එලෙස තිරිහන් වූ මංගල පසුව “ටික්ටොක්” දමන්නට විය. “සෙල්ෆි” ගසා මුහුණු පොතේ දමන්නට ද විය. ඒවායේ තිබුනේ ඔහුගේ පෞද්ගලික ජීවිතයේ ගනු ලබන “ආතල්” ය. ඒ අතර තුර මංගල තරුණයන්ට ආකර්ෂණීය ගීතයක රූප රචනාවක නළුවකු බවට ද පත් විය. මේ සියල්ල වුනේ නිකම්ම නිකන් නොවේ. සමන්තා පා‍වෙල් 2020 වසරේ මුල මංගලට දෙන ලද උපදෙස් අනුවය. ඇය කීවේ “මංගල… තව වසර 2 කින් මේ පාලනය ඇද වැටෙනවා. එය කරන්නේ තරුණයන් විසින්. ඒ අවස්ථාව ගත යුත්තේ ඔබ. ඒ නිසා ඔබ උපරිමයෙන් සමාජ මාධ්‍ය තුළ තරුණ අවකාශයෙහි චරිතයක් වන්න” කියාය.

මංගල හා සමන්තා පවෙල් සමීප මිතුරන්ය. ඇය කී දේ මංගල අකුරටම පිළිපැද්දේය. “ටික්ටොක්” ද “සෙල්ෆි” ද තරුණ ආකර්ශණය ලද ගීතවල රූප රාමුවල ද මංගල දකින්නට වූයේ ඒ අනුවය. එහෙත්, සමන්තා පවෙල් අපේක්ෂා නොකළ දෙයක් සිදුවිය. ඒ කොවිඩ් වසංගතය හමුවේ මංගල ද එහි ගොදුරක් බවට පත්වීම ය. එනම්, මංගල කොවිඩ් රෝගයකු ව මිය යාමය.

ජනප්‍රිය පුවත්  NO King! එහේ! එතකොට මෙහේ?

මංගල මිය ගිය ද සමන්තා පවෙල් මංගලට කියූ පරිදිම 2020 වන විට තරුණ අරගලය ඇති විය. එහෙත් එහි ඵල නෙලන්නට මංගල ඇත්තේ නැත. පළමුව හිතුවේ සරත් ෆොන්සේකා වැන්නන් එහි වීරයන් කරන්නටය. එහෙත් සරත් ෆොන්සේකාට එමගින් ඇතිවන උද්වේගකර බලය ඡන්ද බවට පත්කරගන්නට පක්ෂ යාන්ත්‍රණයක් තිබුණේ නැත. අවසානයේදී (තවත් බොහෝ විකල්ප ගැන හිතා ඉන් පසුව) ජුලී චංග් ලා හා ඇයගේ ස්වාමි දුව වන වික්ටෝරියා නූලන්ඩ් ලා තීරණය කළේ අරගලයේ ඵලය බවට අනුර කුමාර පත් කර ගැනීමට ය. ජුලී චංග් පැලවත්ත කාර්යාලයට ආවේ ද, ජ.වි.පෙ. ගැන වර්ණනා සිය X ගිණුමෙහි තබන ලද්දේද එම තීරණය ගැනීමෙන් පසුවය.

ඉන්දියාව උදව් කළේ සජිත්ට ය. අනුර දිනන බවට විශ්වාසය ඵල වීමෙන් පසු ඉන්දියාව ද අනුරට උදව් කළේය. 3% සිටි ජ.වි.පෙ. බලය ලබාගත්තේ මේ භූ දේශපාලන “මැච්” එකේ පිහිටෙන් ය.

දැන් ඇමරිකා එක්සත් ජනපදය බලන්නේ පළමුව තම කීකරු අනුර කුමාරගේ පාලනය රැක ගන්නටය. ඒ සඳහා තම රෑකඩ මහින්ද සමරසිංහ, හර්ෂ ද සිල්වා වැන්නවුන් ආණ්ඩුවට එකතු කර එය “තිරහන්” කිරීමටය. එමඟින් මෙම පාලනය බේරාගත නොහැකිනම් ඊළඟට දිවෙන පාලනය ද තමන්ට අභිමත අයකු වෙතින් පුරවා ගැනීමට ය. හර්ෂ ද චම්පක රණවක ද ඉන්නේ ඒ සඳහා වන ඉත්තන්ගේ ලැයිස්තුවේ ය.

ජනප්‍රිය පුවත්  මරුවන් සැමරීම හා විරුවන් මැරීම

මේ නිසා හර්ෂ ජුලී චංග්ට ආදරේ ය. ඔහුගේ අත ඇත්තේ ජුලී චංග් ගේ කරේ ය. හර්ෂට හෝ චම්පකට ඇත්තේ ඇමරිකාව හරහා රනිල්ට මේ බව දැන්වීම ය. එවිට, සජිත් නැමැති ඉන්දියානු හිතවාදියාට කෙළවීමට මෙන්ම, එ.ජා.ප.ය කැඩූ ද්‍රෝහියාට කෙලවීමට මේ දෙදෙනාගෙන් එක් අයකු රනිල් තෝරා ගන්නේය. රනිල්ට ඕනේ සජිත්ට කෙළවා තමන් මිය යන්නට පෙර එ.ජා.ප.ය ශක්තිමත් කරන්නට ය. එහි අතුරු වාසිය අනුරට ගියාට රනිල්ට අවුලක් නැත. ඒ අනුර යනු ද ඇමරිකාවම වන නිසා ය.

මේ ගෝලීය භූ දේශපාලනය “මැච්” එක කියවා ගන්නට බැරි අපේ රටේ ගොන් හරක් බුද්ධිමතුන් කරන්නේ, ඉන්න එකාව එලවා, ඌව ගෙන එන ලද විදේශීය බලවේගයේම වෙන එකෙක් ඒ වෙනුවට ගෙන ඒම ය. එසේ කිරීමෙන් රට ගොඩ යන්නේ නැත.

මේ වෙලාවට අපට අසන්නට හිතෙන්නේ, “අනේ අපි කවදාක පිහිනමු ද ඒ ගඟේ” කියලා ය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x