June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ටිං ටිං ගේ කතා වස්තුව – 6 වැනි කොටස

1 min read

දිමුතුගේ හුටපටය හැම තැනම පැතිරුනේ නැත. ඒත් මෙවැනි හුටපට ගැන ටිං ටිං ගේ බිරිඳට කවුරුන් හෝ තොරතුරු දෙන බව ටිං ටිං ට තේරෙන්නට වැඩි කලක් ගත වූයේ නැත. මේ නිසා ටිං ටිං ගේ බිරිඳ සුජාතා හැමවිටම ටිං ටිං ට මැසිවිලි නගන්නට වූවාය. චෝදනා කරන්නට වූවාය. මෙය ටිං ටිං ට පුදුමාකාර වදයක් ලෙස දැනෙන්නට වැඩි කලක් ගත වූයේ නැත.

මේ කියන කාලයේ මහරගමට ආසන්න ඇතුලත ප්‍රදේශයක අචල සුරංග ජාගොඩගේ පවුල ද ජීවත් විය. ඒ, ඔහු ජ.වි.පෙ. සිටින කාලයේය. ඔවුන් සිටියේ කුලියට ගත් නිවසකය. ටිං ටිං සිටියේ ද ඒ අවට වූ කුලියට ගත් නිවසකය. සුජාතා අක්කා ද එහි වාසය කළේය. සුජාතාගේ කරදරයෙන් ගැලවීම හැර අන් මඟක් නැතැයි යන තත්වයට මේ වන විට ටිං ටිං පත්ව සිටියේය. එහෙත් දික්කසාද වීමට යා නොහැක. එසේ වුවහොත් එය රටම දැන ගන්නේය. වෙන් වූ සුජාතා කවර අයුරින් හැසිරේ දැයි සිතන්නට ද අමාරුය. මේ නිසා ටිං ටිං ලකී අයියා සමග මේ ගැන කතා කළේය.

ජනප්‍රිය පුවත්  කගාමේ වන්දනාව

ටිං ටිං ගේ අට අසූවක් රෝග වලට ප්‍රතිකාර ඇත්තේ ලකී අයියා ලඟය. ඔහු මේ සඳහා ප්‍රතිකාර නියම කලේ විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙසය. සැලස්ම වූයේ සුජාතා මරා දැමීම ය. මරා දමන අන්දම ගැන මෙන්ම, ඉන් අනතුරුව වගකීම පැවති ආණ්ඩුවට පටවන අන්දම ගැන ද ලකී අයියා පැහැදිලි කළේය. ටිං ටිං හෙමින් හෙමින් නමුත් වැඩේට එකඟ විය.

සුජාතා සෑම උදෑසනකම පෙරවරු 7 පමණ වන විට පදිංචි වී සිටි නිවසේ මිදුල අතු ගාන්නීය. සැලසුම වී තිබුණේ මේ අවස්ථාවේදී ඇයට බෝම්බ ප්‍රහාරයක් (ග්‍රේනේඩ් බෝම්බ) එල්ල කර මරා දැමීමය. පසුව එය බැර කරන්නේ එවක පැවැති ආණ්ඩුවටය. ආණ්ඩුවේ මැරයින් විසින් ඝාතනය කල සුජාතා සහෝදරියට අපගේ විප්ලවීය ආචාරය කියා සඳහන් කළ පුවරු ද සහිතව අවමගුල ජයට සිදු කිරීමට ද සැලසුම් කර තිබිණි.

ජපන් සමන් ද මේ බව දැන සිටියේය. ඒ වෙනත් කවරකුගෙන්වත් නොව ලකී අයියාගෙන්ය. ජපන් සමන්ව දන්නා අයට මේ බව විමසා දැනගත හැකිය. නමුත්, ඒ ඔහු සත්‍යය පවසන්නේනම් ය.

ජනප්‍රිය පුවත්  අප කන දේ නිෂ්පාදනය කළ යුතුයි - ඊබ්‍රහිම් ට්‍රොරේ

තීරණය කරගත් පරිදි සුජාතාට බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට ලකී අයියා තවත් විශ්වාසවන්තයකු සමඟ පෙරවරු 7 ට කීප දිනකම ආවේය. එහෙත් ඒ සෑම දිනකම සුජාතා මිදුල අතුගාන්නේ ජාගොඩලාගේ මව හෝ බිරිඳ සමඟ ඕපා දූප කතා කරන ගමන්ය. එවිට ප්‍රහාරය එල්ල කිරීම අසීරුය. ඒ නිසා ලකීට කිහිප දිනක්ම වැඩේ නොකර හැරී යන්නට සිදුවිය.

මෙම රස්තියාදුව හේතුකොටගෙන වැඩේ අත්හරින්නට ටිං ටිං සහ ලකී තීරණය කළේය. ඒ වන විට සුජාතා ද ටිං ටිං ගේ හුට පට ගැන ලතැවීම ක්‍රම ක්‍රමයෙන් අතහැර දමා තිබුනාය. ඒ නිසා ටිං ටිං ද ඒ ලැබෙන සහනයෙන් සෑහීමකට පත් වූයේය.

මේ අතරතුර ලකී අසනීප විය. අසනීප වී ටික කලකින් ලකී මරණයට ලක් විය. මරණය පැවැතියේ කොට්ටාව ප්‍රදේශයේ ය. හරියටම පැවසුවහොත් මහල්වරාය ප්‍රදේශයේ ය. බොහෝ පැරණි ජ.වි.පෙ. ක්‍රියාකාරීන් ලකීට ගෞරව දැක්වීමට මළ ගෙදර පැමිණ සිටියහ. එහෙත් ටිං ටිං මේ මළ ගෙදරට පැමිණියේ නැත. ඒ කුමන හේතුවක් මතදැයි මේ ලියුම්කරු දන්නේ ද නැත.

ජනප්‍රිය පුවත්  ණය වී ගෙවන ණය..

ටිං ටිං ට ඇත්තේ ආත්මාර්ථකාමී නරුම මනසකි. ඔහු හැකියාවන්ගෙන් හීන පුද්ගලයෙකි. පෞර්ෂත්වයෙන් ද ඔහු දුර්වලය. ඒ නිසා ඔහු, තමාට වඩා දක්ෂයන්ට බය ය. අනුර කුමාර ඔහුව අවනත කර ගත්තේ සාමකාමීව නොවේ. දිමුතු ටිං ටිං ට එරෙහිව සෝමවංශට ලියූ ලියුමෙහි පිටපතක් තමන් අත තියාගෙන ය. ඒ ලියුම එලියට ගියහොත් ටිං ටිං කෙනෙකුගේ පැවැත්මත් ඇත්තේ නැත. අනුර කළේ ටිං ටිං ගේ දේශපාලන ප්‍රාණය තමන් අතට ගැනීම ය. ඒ නිසා ටිං ටිං ට අනුරව පාලනය කළ නොහැකි විය. අනුර කළේ ටිං ටිං ව පාලනය කිරීමය. ඊනියා විප්ලවවාදී පක්‍ෂයක ඇතුළත බල ක්‍රීඩාව ගලා ගියේ ඔය අන්දමට ය.

– මතු සම්බන්ධයි –

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x