අධිකරණයේ භීෂණයක් !
1 min read
අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා හා අගවිනිසුරුවරයා එක්ව තමන්ට අභිමත පරිදි ක්‍රියා නොකරන විනිසුරන්ට එරෙහිව ගනු ලබන පියවර හේතුකොටගෙන ඉහළ අධිකරණ විනිසුරන් තුළ බරපතළ කලකිරීමක් හට ගෙන තිබේ.
සේවා කාලය හෝ වෙනත් කුසලතා සොයා නොබලා, ජ.වි.පෙ. හිතවාදී කනිෂ්ඨ විනිසුරන්ට උසස්වීම් ලබාදීමත්, නීතියට අනුකූලව කටයුතු කරන ලද ජ්‍යෙෂ්ඨ විනිසුරන් එක්කෝ සේවයෙන් පහකිරීමට හෝ නොමැතිනම් ඈත ප්‍රදේශ වලට මාරු කිරීමට පියවර ගැනීම මගින් නොපෙනෙන භීෂණයක් ක්‍රියාත්මකබව විනිසුරන් බොහොමයකගේ මතක වී තිබේ.
මීට අමතරව, විදේශ අධ්‍යයන සංචාර ඇතුළු අධිකරණ සේවා කොමිසම හරහා ක්‍රියාත්මක විවිද වරප්‍රසාද මෑතකදී උසස්වීම් ලද, ආණ්ඩුවට උවමනා පරිදි තීන්දු දෙන විනිසුරන් වෙත පමණක් ලබා දෙමින් තිබේ. එමගින් සෙසු විනිසුරන් වරප්‍රසාද අහිමි, කොන් කර සිටින විනිසුරන්ගේ තත්වයට පත්කර තිබේ.
මේ තත්ත්වය මත ඇතැම් විනිසුරන් තම වෘත්තීය අතහැර වෙනත් වෘත්තියකට යොමු වීමට පවා තීරණය කර ඇතැයි අධිකරණ ක්ෂේත්‍රය තුළ කතා බහට ලක්වෙමින් ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇතැම් විනිසුරන් අතර ද මෙම තත්වය පිළිබඳව සාකච්ඡා වෙමින් තිබේ. මෑතකදී විශ්‍රාම ගිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරකු වෙනුවෙන් සම්ප්‍රදායිකව ලබා දෙන රාත්‍රීභෝජන සංග්‍රහය පවා අගවිනිසුරුවරයා විසින් ලබා දී නොමැත.
විනිසුරුවරුන්ට තම හෘදයසාක්ෂියට එකඟව, නීතියට අනුකූලව තීරණ ගත නොහැකි පීඩනයකට ගොදුරු කරවීමෙන්, ආණ්ඩුවට අවශ්‍ය පරිදි තීරණ ගැනීමට විනිසුරන් අකමැත්තෙන් වුව පෙළඹවීම මෙම භීෂණය පවත්වාගෙන යාමේ අරමුණ වී ඇතැයි පැවසේ.
- රවිනාථ තිලකසිංහ –
