June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අධිකරණ දඩයම තවදුරටත් ඉදිරියට

1 min read

තවත් මහෙස්ත්‍රාත් අධිකරණ විනිසුරු 17ක් පමණ දඩයම් කිරීමේ සූදානමක් වෙතැයි Underground මීට පෙර සිදුකරන ලද අනාවරණය සනාථ කරමින් අද (අගෝස්තු 14) තවත් කොළඹ අතිරේක මහසේත්‍රාත්වරයකුගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ. ඒ අනුව, බොහෝ නීතිඥවරුන්ගේ හා විනිසුරන්ගේ පැසසුමට ලක්ව සිටි, කිසිවකුගේ හෝ බලපෑමට යටත් නොවී ස්වාධීනව, නීතියට අනුව තම තීරණ ගැනීම් යහපත් චරිත වාර්තාවකට හිමිකම් කියන කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්  කම්මින්ද පෙරේරා මහතාගේ වැඩ ඒ අනුව තහනම් කර තිබේ. කිසියම් නීතිඥවරයකු වෙතින් ලබාගන්නා ව්‍යාජ චෝදනා පත්‍රයක් පමණක් පදනම් කරගෙන සිදු කිරීමට නියමිත පරීක්ෂණයක් ගැන හුවා දක්වා මෙම වැඩ තහනම් කිරීමේ ක්‍රියාදාමය සිදු වෙමින් පවතී. වැඩ තහනමට ලක් නොවූයේනම් මෙම විනිසුරුවරයා ඊළගට තේරීපත්වීමට නියමිතව තිබූණේ කොළඹ මහෙස්ත්‍රාත් උසාවිය අංක 01ට බවත්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හෝ වෙනත් රජයේ විමර්ශන අංශ අදාළ චූදිතයන් පළමුව රැගෙන යන්නේ මෙම මහේස්ත්‍රාත් උසාවියට වන බැවින්, නීතියට අනුකූලව තීරණ ගන්නා විනිසුරකු එහි සිටීම තමන්ට බාධාවක් වෙතැයි සලකා මෙම තීරණය ගන්නා ලද බව ආණ්ඩුවේ ආරංචි මාර්ග පෙන්වා දේ. කිසිදු විෂමාචාරයකට හෝ අපක්ෂපාතීත්වයකට අදාළ චෝදනා නැති මෙබදු විනිසුරන් අධිකරණය ශුද්ධ කිරීමේ මුවාවෙන් දඩුවමට භාජනය කිරීම අධිකරණ කේෂ්ත්‍රෙය් හා නීති කේෂ්ත්‍රෙය් මහත් ආන්දෝලනයකට ලක්ව තිබේ.

ජනප්‍රිය පුවත්  ජනාධිපතිගේ යාපනය එක උත්සවයකට මිලියන 11ක් වියදම්..
අධිකරණ සේවා කොමිෂන් සභාව

Underground මීන් පෙර අනාවරණය කරන ලද පරිදි මෙබදු අනීතිකව වැඩ තහනම් කිරීම මගින්, ඊළගට කොළඹ 01 මහෙස්ත්‍රාත් අධිකරණය හෝ අධිකරණ මර්මස්ථානයන්ට පත්වනු ඇත්තේ, තම උසස්වීම හෝ “මාරු කිරීම” ගැන සිතමින් තීරණ ගන්නා විනිසුරන් වීමත් එය ආණ්ඩුවේ අභිමත තීරණයන්ට අනුව අධිකරණය හසුරැවා ගැනීමට ඉමහත් අවස්ථාවක් හිමිකර දීමක් බව අධිකරණ කේෂ්ත්‍ර අංරංචි මාර්ග පෙන්වා දේ. මෙම වැඩ තහනමට ලක්වූ අතිරේක මහෙස්ත්‍රාත් කම්මින්ද පෙරේරා පවුල් පසුබිම අතින්ම, පාරම්පරික ධනය හිමි පවුලක පුද්ගලයකු බැවින්, මුදලට හෝ වෙනත් උසස්වීම් අපේක්ෂාවකට අනුව තීරණ නොගන්නා මහෙස්ත්‍රාත්වරයකු බවට බොහෝ සෙයින් ප්‍රකටය.


Underground අධිකරණ වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x