September 4, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළත්

1 min read

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

ඒ අනුව, සබරගමුව පළාතට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම නිවේදනය අද (03) පෙ.ව. 11.30ට නිකුත් කර ඇති අතර එය හෙට (04) පෙ.ව. 11.30 දක්වා වලංගු වේ.

මෙම කාලසීමාව තුළදී සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බැවින් සූදානමින් සිටින ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එසේම, ඊයේ (02) පෙ.ව. 8.30 සිට අද (03) පෙ.ව. 8.30 දක්වා වූ පැය 24ක කාලය තුළ දිවයිනේ ඉහළම වර්ෂාපතනයන් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.

එහිදී වැඩිම වර්ෂාපතනයක් කැනියන් ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය මිලිමීටර් 191.0කි.

එමෙන්ම ලක්ෂපාන ප්‍රදේශයට මිලිමීටර් 187.0ක්, නෝටන් ප්‍රදේශයට මිලිමීටර් 186.0ක්, කාසල්රී ප්‍රදේශයට මිලිමීටර් 159.0ක්, කොත්මලේ ප්‍රදේශයට මිලිමීටර් 133.2ක් සහ දික්ඔය ප්‍රදේශයට මිලිමීටර් 127.0ක වර්ෂාපතනයක් වාර්තා වී තිබේ.

ජනප්‍රිය පුවත්  සුරේෂ් සලේ අත්අඩංගුවට ගත් චැනල් 4 වීඩියෝව බොරු… ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද…

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x