හෝමූස් වසා දැමීම නිසා තෙල් සංචිත ශීඝ්‍රයෙන් ක්ෂය වෙමින් පවතිනවා..- ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය
1 min read
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදු කෙරෙන නාවික ගමනාගමනය අඛණ්ඩව පහළ මට්ටමක පැවතීම හේතුවෙන්, ගෝලීය බලශක්ති සැපයුම් දැඩි ලෙස ඇණහිට තිබේ.
ඒ අනුව, ලෝකයේ ඉතිරිව ඇති තෙල් සංචිත ඉතා වේගයෙන් ක්ෂය වෙමින් පවතින බවටයි ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය අනතුරු අඟවා ඇත්තේ.
මෙවන් පසුබිමක ලෝක වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක මිල තවදුරටත් ඩොලර් 80 සීමාව ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 88.6ක් ලෙස දැක්වෙන අතර, ඩබ්ලිව් ටී අයි බොර තෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 82.28ක් ලෙසයි.
