September 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ශල්‍යකර්ම සහ පරීක්ෂණ සඳහා රෝගීන් 25,000කට අධික පිරිසක් රටපුරා රෝහල්වල පොරොත්තු ලේඛනවල

1 min read

දිවයින පුරා රජයේ රෝහල්වල හදවත් සැත්කම් ඇතුළු ප්‍රධාන පෙළේ ශල්‍යකර්ම සහ පරීක්ෂණ බලාපොරොත්තුවෙන් රෝගීන් 25,000කට අධික පිරිසක් පොරොත්තු ලේඛනවල රැඳී සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි. එහි සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ, මෙම පොරොත්තු ලේඛනවල සිටින රෝගීන්ගේ සැත්කම් කඩිනම් කිරීම සඳහා ජනාධිපති අරමුදලෙන් ප්‍රතිපාදන වෙන් කරන බවට රජය ප්‍රකාශ කළද, එම වැඩපිළිවෙළ මෙතෙක් සක්‍රීයව ආරම්භ නොවීම කණගාටුවට කරුණක් බවයි.

අසරණ රෝගීන් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් වෙන් කරන මුදල ඉහළ නංවා, රජයේ රෝහල්වල පොරොත්තු ලේඛනවල සිටින රෝගීන්ට නියමිත ගාස්තුවලට යටත්ව පෞද්ගලික අංශයෙන් හෝ සැත්කම් කර ගැනීමට අවස්ථාව සලසා දිය යුතු බව ඔහු යෝජනා කරයි.

එසේ නොමැති නම්, රජයේ රෝහල්වල වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය සේවකයින්ට අමතර දීමනා ගෙවා දිනකට සිදු කරන සැත්කම් ප්‍රමාණය ඉහළ නැංවීමට පියවර ගත හැකි බව ද ඔහු පෙන්වා දෙයි.

මීට අමතරව, අදාළ විෂයයන් පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් පුහුණු කිරීමේ ධාරිතාව වැඩිකිරීම, රෝහල් පහසුකම් දියුණු කිරීම සහ නවීන ශල්‍ය උපකරණ මෙන්ම පරීක්ෂණ උපකරණ මිලදී ගැනීම හරහා ඉදිරියේදී මෙම තදබදය අවම කර ගත හැකි බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.

ජනප්‍රිය පුවත්  අද උදෑසන සිට දිවයින පුරා රෝහල්වල වෛද්‍ය වර්ජනයක්!

දැනට පවතින හදවත් සැත්කම් පොරොත්තු ලේඛනය 2029 වසර දක්වාම දිවෙන බවත්, වකුගඩු හා අනෙකුත් අවයව බද්ධ කිරීමේ සැත්කම් සඳහා දිනපතා රෝගීන් එක්වීම නිසා සමස්ත සෞඛ්‍ය පද්ධතියම දරාගත නොහැකි පීඩනයකට ලක්ව ඇති බවත් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x