පස් කන්දක් කඩාවැටී හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගය කුයිල්වත්තෙන් අවහිර වෙයි
1 min read
හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ කුයිල්වත්ත ප්‍රදේශයේදී මාර්ගයට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් එම මර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා එල්ලවී තිබේ.
පොලිසිය රියදුරන්ට දැනුම්දෙන්නේ ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසය.
අප වාර්තාකරු සඳහන් කළේ අද (15) උදෑසන මාර්ගයට මෙම පස් කන්ද කඩාවැටී ඇති බවය.
මේ හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇති අතර එම මාර්ගයේ ගමන් ගන්නා වාහන නෝටන්බිජ් මාර්ගය ඔස්සේ ධාවනය කරවන ලෙස හැටන් පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
