September 5, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

1 min read

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අද (23) පස්වරු 4.00ට නිකුත් කළ එම නිවේදනය හෙට (24) පස්වරු 4.00 දක්වා වලංගු බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව, නැගෙනහිර සහ උතුරුමැද පළාත් මෙන්ම යාපනය, කිලිනොච්චි, වව්නියාව, මුලතිව් සහ මොනරාගල දිස්ත්‍රික්ක සඳහා මෙම අවවාදාත්මක නිවේදනය නිකුත් කර ඇත.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙවත් උණුසුම් දර්ශකය “අවධානය යොමු කළ යුතු” මට්ටමකට පත්විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් ජනතාව මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, උණුසුම් කාලගුණ තත්ත්වයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පූර්ව සූදානම් වීම් සිදුකරන ලෙසත් දැනුම් දී තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x