September 5, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පානදුර අධිකරණයේ පිස්‌කල් හා සිතාසි භාර නිලධාරියා රට පනී

1 min read

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සලිදු මල්සිත ගුණරත්න හෙවත් ‘කුඩු සළිඳු’ට එරෙහිව පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර තිබූ නඩු ගොනු දෙකක් අස්ථානගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමත් සමග, එම අධිකරණයේ පිස්කල් සහ සිතාසි භාරව කටයුතු කළ නිලධාරියා විදේශගත වී ඇති බව පොලිසිය පවසයි.

අදාළ නඩු ගොනු අතුරුදන් වීම සම්බන්ධයෙන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය විසින් පසුගිය 1වැනිදා පානදුර දකුණ මූලස්ථාන පොලිසිය වෙත පැමිණිලි කළේය.

එමෙන්ම අදාළ සිද්ධිය ‘බී’ වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් විමර්ශන ආරම්භ කරු ලැබීය.

කෙසේ නමුත් අධිකරණ රෙජිස්ට්‍රාර්වරිය විසින් පොලිසියට පැමිණිල්ල කළ පසුදින, එනම් සැප්තැම්බර් 2වැනිදා අදාළ නිලධාරියා තායිලන්තය බලා පිටත්ව ගොස් ඇති බව අනාවරණය වී ඇත.

අතුරුදන්ව ඇත්තේ ‘කුඩු සළිඳු’ගේ මෙහෙයවීම මත පානදුර උතුර ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට අදාළ නඩු ගොනුවක් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පවරා තිබූ නඩුවකට අදාළ ගොනුවක් බව සඳහන්.

සිද්ධියට අදාළව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මේ වනවිට පානදුර අධිකරණයේ සේවයේ නියුතු නිලධාරිනියන් 07 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 10 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගැනීමට කටයුතු කර තිබේ.

ජනප්‍රිය පුවත්  මාලිමා මන්ත්‍රීගේ නිවසට හොරු පැනලා.. රිදී කරඬුවක් අරන් ගිහින්..

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x