ඇමරිකානු නෞකා තුනකට ඉරානයෙන් ප්‍රහාර
1 min read
ඇමෙරිකානු හමුදාව එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් හෝමුස් සමුද්‍ර සන්ධියේදී සහ තවත් ප්‍රදේශ කිහිපයකදී ඇමෙරිකාවට සම්බන්ධ නෞකා හයකට ප්‍රහාර එල්ල කළ බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව ප්‍රකාශ කරයි.
ඉරාන රජයේ නිල පුවත් සේවය වන IRIB වාර්තා කරන පරිදි, සෙනසුරාදා පෙරවරුවේ ඇමෙරිකානු හමුදාව විසින් ඉරානයට අයත් තෙල් නැව් තුනකට ප්‍රහාර එල්ල කර හානි සිදු කර ඇත.
ඊට ප්‍රතිප්‍රහාරයක් ලෙස හෝමුස් සමුද්‍ර සන්ධියේ අනවසර මාර්ගයක ගමන් කරමින් තිබූ තෙල් නැව් තුනක් සහ ඇමෙරිකාවට සම්බන්ධ තවත් නෞකා තුනක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බව IRGC නාවික හමුදාව තහවුරු කර සිටී.
මෙම සිදුවීමත් සමඟ පර්සියානු ගල්ෆ් කලාපයේ සහ හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව යාත්‍රා කරන සියලුම නෞකා වෙත ඉරාන නාවික හමුදාව දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
“ත්‍රස්තවාදී ඇමෙරිකානු හමුදාවට නොරැවටෙන ලෙසත්, අනවසර මුහුදු මාර්ග හරහා ගමන් කිරීමට ගන්නා ඕනෑම සැකකටයුතු උත්සාහයකින් වළකින ලෙසත් අපි දන්වා සිටිමු. එවැනි නියෝග උල්ලංඝනය කරන ඕනෑම නෞකාවක් අපගේ ප්‍රහාරක ඉලක්ක බවට පත්වනු ඇත,” යනුවෙන් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
කලාපීය මුහුදු මාර්ගවල ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින මෙම උණුසුම් තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තර නාවික ගමනාගමනය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල විය හැකි බව විදේශීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
