‘එක්ස්ප්‍රස් පර්ල්’ වන්දි අයකර ගැනීමට ආණ්ඩුව මැදිහත් විය යුතුයිි – දයාසිරි ජයසේකර
1 min read
ශ්‍රී ලංකා මුහුදු තීරයේ දී අනතුරට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකා සිද්ධිය නිසා රටට හිමිවීමට තිබෙන රුපියල් කෝටි 33000ක මුදල මෙරටට ලබා ගැනීමට ආණ්ඩුව පියවර ගත යුතු බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (18) පැවැසීය.
ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි සම්බන්ධයෙන් වූ විවාදයට එක්වෙමින් මේ බව කී ඒ මහතා මෙසේ දකීවේය.
“එක්ස්ප්‍රස් පර්ල් නෞකා සිද්ධියට අදාළව නීතිමය කටයුතු සිදු වුණා. රුපියල් මිලියන 300 ක් පසුගිය වසරේ සැප්තැම්බර් 22 වැනිදා ගෙවා තිබෙනවා. ඩොලර් මිලියන 250 ක් ගෙවන්න කියා කී එකෙන් තමයි රුපියල් මිලියන 300 ක් මූලික වශයෙන් ගෙවා තිබෙන්නේ. මේ වසරේ ජනවාරිවල නැවත මේ නඩුව කැඳවූවා. මෝසමක් මගින් නීතිපතිවරයා තමයි මේක නැවත ගන්නේ. ලන්ඩන් පී ඇන්ඩ් අයි ක්ලබ් එක තමයි අදාළ සමාගම වන්නේ. මේ මෝසම අනුව නඩුව ටර්මිනේට් කරනවා. මේ ගැන කරුණු ඉදිරිපත් කරන්න පැමිණිලිකරුවන්ට කිසිම අවස්ථාවක් නැහැ. පංච පුද්ගල විනිසුරු මඬුල්ලකින් දුන් තීන්දුවක් ටර්මිනේට් කර තිබෙනවා. මේ ගැන නාගානන්ද කොඩිතුවක්කු පදනම අල්ලස් හෝ දූෂණ පැමිණිලි කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. අපට ලැබෙන්න තිබූ රුපියල් කෝටි 33000 ක මුදලක් රටට අහිමි වී තිබෙනවා. මේ ගැන විශාල අර්බුදයක් මතුව තිබෙනවා. මේ වගේ ගෙනා මෝසමක් පැමිණිලි පාර්ශ්වයට නොදීම ඉතිහාසයේ සිදු වී නැති දෙයක්.”
නාගානන්ද කොඩිතුවක්කු පදනම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත ඉදිරිපත් කළ පැමිණිල්ල පහත දැක්වේ.
