October 24, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඥානසාර හිමිගේ නිදහස පතා සිදුකෙරෙන සත්‍යග්‍රහය අද 09 වන දිනටත්.. සටන අත්නොහරින බව උලපනේ හිමි කියති..

1 min read

සිරදඬුවම් නියම වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේ පිරිසක් කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහය අද (24) ක්‍රියාත්මක වන්නේ 9 වන දිනටය.

මේ අතර, විහාර මහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලාට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දුන් ආඥාව වෙනස් කළ නොහැකි බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම ඊයේ ප්‍රකාශ කළේය.

ඒ, එම නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේ ඉදිරිපත් කළ මෝසම සළකා බැලීමෙන් අනතුරුවයි.

එමෙන්ම අධිකරණ නියෝගය කියවා දුන් පසුවත් එම ප්‍රදේශයේ පිරිස රැඳී සිටින බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා ගොනු කළ මෝසම ද මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේය.

මේ අතර, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලය අසලට කළ උද්ඝෝෂණයේ වගඋත්තරකරුවන් කරමින් නම් කර තිබූ භික්ෂූන් වහන්සේ එම පාගමනට පැමිණ නොමැති නම් ඒ බව ඉහළ අධිකරණයට දැනුම් දී අවශ්‍ය පියවර ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඊයේ නියෝග කළේය.

ජනප්‍රිය පුවත්  එන්ස්ටයින් සබඳතා හෙළිවීමෙන් පසු DP World ලොක්කා ඉල්ලා අස්වෙයි!

ඒ, භික්ෂූන් වහන්සේ කිහිප නමක් පාගමනට එක් නොවූවද ඔවුන්ගේ නම් කොටුව පොලිසිය විසින් දෝෂ සහිතව ඇතුළත් කර ඇති බව භික්ෂූන් වහන්සේ පිරිසක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කළ දැනුම් දීමකට අනුවයි.

එවැනි පසුබිමක ජනාධිපති ලේකම් කාර්යාලය අසල රැඳී සිටි භික්ෂූන් වහන්සේලාට එරෙහිව ගත් උසාවි නියෝගයට ඇතුළත් කර තිබූ හිමිවරුන්ගේ නම් ඒ නියෝගයෙන් ඉවත් කිරීමට ගෙන තිබෙන තීරණය මගින් හිතාමතාම බරපතල වරදක් කර ඇති බව එක්සත් ජාතික පක්ෂය පෙන්වා දෙයි.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පවසන්නේ උසාවි නියෝගයට නම් ඇතුළත් කළ ඇතැම් භික්ෂූන් වහන්සේ මෙම ක්‍රියාවට සම්බන්ධ වී නොසිටි බවයි.

මුලින් නම් ඇතුළත් කර පසුව එම නම් ඉවත් කරගැනීම උසාවිය හිතාමතාම නොමග යැවීමක් බවත් රජය සැමවිටම බුද්ධාගමටත්, ගරුතර මහා සංඝරත්නයටත් පහර ගැසීමට උත්සාහ කරන බවත් එම නිවේදනයේ සඳහන්.

මේ අතර, සත්‍යාග්‍රහය පැවැත්වෙන ස්ථානයට ඊයේ පැමිණි පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් කියා සිටියේ මෙම සත්‍යාග්‍රහය කුමන බාධක පැමිණියද ඥානසාර හිමි නිදහස් කරනතුරු අඛණ්ඩව ක්‍රියාක්මක කරන බවයි.

ජනප්‍රිය පුවත්  බුදු සසුන විවේචනය කරන පුද්ගලයන්ට ගිහි සමාජයෙන් පිළිතුරු ලැබෙයි -නාරම්පනාවේ ආනන්ද අස්ගිරි අනුනාහිමි
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x