චීන තානාපති, මහනාහිමිවරු මුණගැසී චීන – ශ්රී ලංකා බෞද්ධ සංස්කෘතික හුවමාරු වැඩ සටහන පිළිබඳ සාකච්ඡාවක..
1 min read
ශ්රී ලංකාවේ චීන තානාපති හුවෑ ෂියෑං මහතා ,මහනුවරට පැමිණ, මල්වතු පාර්ශවයේ මහා නායක ,තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල සහ අස්ගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ ශ්රී ඤාණරතන හිමිපාණන් වහන්සේලා බැහැ දැක, චීනය සහ ශ්රී ලංකාව අතර බෞද්ධ සංස්කෘතික වර්ධනය සම්බන්ධව සාකච්ඡා කළේය.
මෙම අවස්ථාවට චීන තානාපති කාර්යාලයේ නියෝජිතයන් කීප දෙනෙක්ද සහභාගි වූහ. චීන ශ්රී ලංකා බෞද්ධ සංස්කෘතික හුවමාරු වැඩ සටහන පිළිබඳවද මෙහිදී සුහද සාකච්ඡාවක් පැවැත්විණි.

