September 4, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

දෙවසරක දෙබිඩිබව

1 min read

මේ ඉන්නේ ජනාධිපති අනුර ය. ඔහු මේ ඡායාරූපයට ලක්වන්නේ අයර්ලන්ත ගුවන් තොටුපලේ දී ය.

අප මේ ඡායාරූපය ඵල කරනුයේ ඔහුගේ ආණ්ඩුවට දෙවසරක් පිරෙන මෙකල ඔහු ගැන හොඳින් කියා දෙන්නට මේ ඡායාරූපය සමත් නිසාය.

“මට මත්පැන් බීම හරියන් නෑ. මම ඒක කරන් නෑ” කියා අනුර කුමාර මාධ්‍යයට කීවේ ජනාධිපතිවරණයට පෙරය. එසේ කී අනුර මේ ඡායාරූපය ගත් අවස්ථාවේ සිටියේ පිරිත් පැන් බීය. කියන දෙයක් කරන දෙයක් අතර තියෙන දෙබිඩිබව මේ තරම් හොඳින් පෙන්වන වෙනත් ඡායාරූපයක් තවත් ඇත්තේ නැත.

මහජනතාවට එක මුහුණක් පෙන්වා තම ඇත්ත මුහුණ හංගාගෙන සිටිනවුන් විධායක ජනාධිපති වූ විට රටට උරුම වන්නේ යහපත නොවේ. ඒ සඳහා උදාහරණ ලෝක ඉතිහාසය පුරා පිරී ඇත.

මීට පෙර වූ ඉන්දියානු ගැතියැයි කියූ කිසිදු නායකයකු ඉන්දියාවේ බාල ඖෂධ වලට අපේ රෝගීන් බිලි දුන්නේ නැත. ඉන්දීය “ෆාමකෝනියා” පිළිගත්තේ නැත. ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුම් මහජනතාවට නොපෙන්වා සිටියේ නැත. ඒවා පෙන්වන්නටයැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගිය රටවැසියන්ට “ඉන්දියාව තරහ වන නිසා පෙන්නන්න බෑ” යන පිළිතුර පිළිගත්, ඒ අනුව තීන්දු දුන් ශ්‍රේෂ්ඨාධිකරණයක් මීට පෙර තිබුණේ ද නැත.

ජනප්‍රිය පුවත්  සූරසේනගේ සෙල්ලම

ඉන්දීය විරෝධී සන්නාමයක් සහිත ජ.වි.පෙ. යටතේ ජනාධිපති වූ එම පක්ෂයේ නායකයා ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම් 7 න් එකක්වත් රටට පෙන්වා නැත. පරමාධිපත්‍ය බලය බල්ලට දැමූ මීට වඩා අවස්ථාවක් වේ දැයි අප අසා නැත.

අනුර කුමාර ජනාධිපතිගේ පාලනය යටතේ හරි ගියේ ඉන්දීය ගොවීන්ට ය. දවස් 300 කට සෑහෙන හාල් ගෙනාවේ ඉන්දියාවෙන් ය. පටි තද වුනේ ගොවියන්ගේ වූවාට, බඩ පිරී ගියේ වසන්ත සමරසිංහලා ගේ ය. ඒ, විප්ලවීය පක්ෂයක් බලයට පැමිණ ගොවියාට කෙළ රහිතව හරින ලද ඇරිල්ල ය. මේ ඡායාරූපය කියා පාන්නේ ඒ දෙබිඩි බව ගැනය.

ලාල් කාන්ත දැන් ඉන්නේ තෙමහල් නිවසක ය. විල්බා, ඇල්බා, රොබා දැන් ඇත්තේ ඒ ගෙදර ය. කජු කන්නා හෙවත් සමන්ත විද්‍යාරත්න දැන් හොඳටම මහත්වෙලා ය. පාර්ලිමේන්තුවේ කෑම වියදම කෝටි ගණනින් වැඩි වෙලාය.

ජ.වි.පෙ. පූර්ණ කාලීනයා ඉන්නේ අන්ද මන්ද වීය. විප්ලවීය ප්‍රතිපත්තිය ද පේනතෙක් මානයක ඇත්තේ ද නැත. කියූ දේ හා කෙරෙන දේ ගලපාගන්නට ද බැරි ය. විජිත කියන්නේ “ඇන්ටික් නාකොටික්” කියාය. හඳුන් කියන්නේ “බිග් කුච්චන්” කියාය. පූර්ණ කාලීනයා ඉන්නේ “බිග් මංඥං” වෙලාය.

ජනප්‍රිය පුවත්  හරකා බාන

කැසිනෝ ධම්මික ඉන්නේ සැපට ය. බෝර්න් අගේන් ප්‍රමිෂ්කා රෑට නැලවෙන්නේ අනුර අයියා එක්ක ය. බෝර්න් අගේන් ක්‍රිශාන්ත කුරේ ඉන්නේ ඩීල් දමා ආතල් කිරිකිතල් එකේය. ඩඩ්ලිලා, රත්නලා ඉන්නේ වී ගබඩා පුරෝගෙන පට්ට ලලේ ය.

ගමේ J.V.P. කාරයා දැන් ඉන්නේ ගමට මුහුණ දෙන්නට බැරිව ය. ගෙදර ඉන්නකල් නෝනයි දරුවොයි බයිට් එකට ගන්නේ J.V.P. තාත්තා ය. එලියට බැස්සොත් බයිට් වන්නේ ගම්මුන්ගෙන් ය. ඒකට පුතා වෙලා තියෙන්නේ බෙල්ලෙ වැල දාගන්න ය. කඩේට බඩු ගන්න ගිය විට අහන්නට වෙන්නේ ශුද්ධ සිංහල ය. දෙවසරක දෙබිඩි ගමන එසේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x