October 7, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඖෂධ ශාලාවලට මුවා වී සිදුකරන මත්පෙති ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන අනාවරණයක්

1 min read

ඖෂධ ශාලාවලට මුවා වී ඇතැම් පුද්ගලයන් විසින් මත්පෙති ඇතුළු තහනම් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරම්වල නිරත වන බවට තොරතුරු අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය මැඩපැවැත්වීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ 11 වන සංවත්සර උත්සවය අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම්වලදී ජනතාවගෙන් මත්පෙති භාවිතය සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබෙන බවයි.

මේ හේතුවෙන් සෑම දිස්ත්‍රික්කයකම සිටින ඖෂධ ශාලා හිමියන් කැඳවා ඔවුන් සමඟ සුහදව සාකච්ඡා කර මෙම ක්‍රියාවන් වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම, ජාතික ජන බලවේග රජය යටතේ නීතිය සැමට එක ලෙස ක්‍රියාත්මක වන බවත්, තරාතිරම නොබලා ඕනෑම අයකුට විරුද්ධව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

ජනප්‍රිය පුවත්  සේවක අර්ථ සාධක අරමුදල මහ බැංකුවෙන් ඉවත් කරන්න ආණ්ඩුවෙන් යෝජනාවක් ඇවිත්

එහිදී අදහස් දැක්වූ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා,

“නීති විරෝධී මත්ද්‍රව්‍ය සොයාගෙන යන ගමනෙදි ජනතාවගේ පැත්තෙන් පැමිණිල්ලක් එනවා, මෙන්න මේ මත්පෙති පාවිච්චි කිරීමට අදාළව. එතකොට මේ මත්පෙති කොහෙන්ද ගන්නේ? ඇතැම් අය විවිධ කතා කියනවා. ඉතින් ඇතැම් ඖෂධ ශාලා ප්‍රසිද්ධ වෙලා තියෙනවා, ඒ මත්පෙති ගන්නේ අන්න අහවල් ඖෂධ ශාලාවෙන් කියලා. අවාසනාවකට අපේ අමාත්‍යාංශයට වාර්තා වෙලා තියෙනවා, මෙන්න මේ තරුණයන්, ශිෂ්‍යයන් ඇතුළු වැඩිහිටියන් ඩැහැගන්නා මත්පෙති කියන දේ මේ ඖෂධ ශාලා මගින් නිකුත් වෙනවා කියන කාරණාව. ඒ විතරක් නෙමෙයි, ඖෂධ ශාලාවලට මුවා වෙලා වෙනත් උදවිය මේ ජාවාරමේ සිටින බවට තොරතුරු ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි දිස්ත්‍රික් මට්ටමින් වැඩක් හදලා තියෙනවා. සෑම දිස්ත්‍රික්කයකම ඒ ඖෂධ ශාලා හිමියෝ ගෙනැල්ලා ඒ අයත් එක්ක සුහද සාකච්ඡාවක් කරලා, මෙන්න මේ ඉල්ලීම… ඒ වගේම මේ ආයුර්වේදය කියන බෝඩ් එක ඉස්සරහට දාගෙන ඒක ඇතුළේ තහනම් මත් උත්තේජක ද්‍රව්‍ය විකුණනවා.”

“අපේ රටේ නීතියක් තිබුණා මුහුණ බලලා ක්‍රියාත්මක වුණු, නීතියක් තිබුණා පංගු බේරුවට ක්‍රියාත්මක වුණු. අපි ජනවරමක් ගත්තා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ජයග්‍රහණය කළොත් තමුන්නාන්සේලාට මුහුණ බලලා, පංගු බේරුවට නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියේ තියෙන නීතිය ඉස්සරහා නීතියේ භාවිතාව ක්‍රියාත්මක කිරීම සමානව ක්‍රියාත්මක කරනවා කියලා. මං හිතනවා තමුන්නාන්සේලාට වසර දෙකක් යනකොට හරියටම පැහැදිලි වෙලා ඇති ඇත්තටම අපි නීතිය ක්‍රියාත්මක කරනකොට හිටපු විධායක ජනාධිපතිත් එකයි, හිටපු පොලිස්පතිත් එකයි, ගමේ ඉන්න මේ කාටත් අපි සමාන නීතියක් රටට ගෙනැල්ලා තියෙනවා රටේ නීතිය ක්‍රියාත්මක කරන්න.”

ජනප්‍රිය පුවත්  මාලිමාවට සහය දුන් අගලවත්ත උප සභාපති ධුරයෙන් අස්වෙයි
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x