චෙම්මණි මිනීවළෙන් හමු වූ මළසිරුරු බෝවන රෝගයකින් හෝ ස්වාභාවික විපතකින් මියගිය ඒවා විය හැකියි.. – මහාචාර්ය රාජ් සෝමදේවගෙන් උසාවියට වාර්තාවක්
1 min read
චෙම්මණි සමූහ මිනීවළේ සොයාගත් මළසිරුරු බෝවන රෝගයක් හෝ ස්වාභාවික ආපදාවක් හේතුවෙන් මිහිදන් කළ ඒවා විය හැකි බවට මහාචාර්ය රාජ් සෝමදේව විසින් යාපනය මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ අතුරු වාර්තාවක සඳහන් වේ.
මේ බව යාපනයේ පළවන උදයන් පුවත්පතේ ද දක්වා ඇත. එම වාර්තාවට අනුව මෙම මරණ හුදෙක් නීති විරෝධී ඝාතන නොව, ආසාදිත රෝගයක් හෝ ස්වාභාවික විපතක් හේතුවෙන් සිදුවූ ඒවා විය හැකි අතර, මෙම භූමියේ ආගමික අවමංගල්ය චාරිත්ර ඉටු කර ඇති බවට ද ඉඟි පවතී.
එසේම මළසිරුරු මිහිදන් කර ඇති ආකාරය යුද සමයේ හමුවන සාමාන්ය සමූහ මිනීවළවල්වලට වඩා වෙනස් බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ.
චෙම්මණි යනු ශ්රී ලංකාවෙන් වාර්තා වී ඇති විශාලතම සමූහ මිනීවළ වන අතර, 2025 වසරේ ආරම්භ වූ කැණීම් කටයුතු හරහා මේ වන විට ළමයින්ගේ සහ බිලිඳුන්ගේ ඇටසැකිලි ද ඇතුළුව ඇටසැකිලි 580කට අධික සංඛ්යාවක් සොයාගෙන තිබේ. මීට අමතරව පාසල් බෑග් සහ කිරි බෝතල් වැනි පුද්ගලික භාණ්ඩ ද මෙහිදී හමුවී ඇති බව වාර්තා වේ.
