සුගීෂ්වර බණ්ඩාර ලබන 28 වැනිදා දක්වා යළි රිමාන්ඩ්..
1 min read
ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වැටුප් මුදල් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා වූ නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර ලබන 28 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ, සැකකරු අද (21) කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සිද්ධියට අදාළව මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය කළ කරුණු දැක්වීමෙන් අනතුරුව මහේස්ත්රාත්වරයා මෙම නියෝගය ලබා දී තිබේ.
