August 31, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර් සහ නිලධාරීන් ඇතුළු 20කට නොතිසි

1 min read

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් තිස් දෙදෙනෙකු මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කිරීම සඳහා විසි දෙනෙකුට නොතිසි නිකුත් කරන ලෙසට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය නියෝග කර තිබේ.

ඒ, එම බන්ධනාගාරයේ ‎ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධ වූ නඩුකරය අද (28) යළිත් කැඳවූ අවස්ථාවේදීය.

ඒ අනුව ලබන සැප්තැම්බර් 8 වැනිදා මීගමුව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මීගමුව ප්‍රධාන ජේලර් සහ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 20කට නොතිසි නිකුත් කර ඇත.

‎එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය නඩුවාරයේදී සැකකරුවන් 70 නම් කර තිබු අතර අද දින සැකකරු අංක 1 සිට 6 දක්වා හඳුනාගැනීමේ පෙ‍ෙරට්ටුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

කෙසේවෙතත් සෞඛ්‍ය හේතුවක් සහ වෙනත් නඩු කටයුත්තක් හේතුවෙන් අද දින සැකකරුවන් දෙදනෙකු ඉදිරිපත් නොකළ අතර සැකකරුවන් හතර දෙනෙකු සහ එම සැකකරුවන් හඳුනා ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සාක්ෂිකරුවන් 04 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කළේය.

‎අද දින ඉදිරිපත් නොකළ සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් බන්ධනාගාරය විසින් අධිකරණයට ලිපි ඉදිරිපත් කරනු ලැබීය.

එහිදී හඳුනාගැනීමේ පෙරට්ටුවට සාක්ෂිකරුවෝ හතර දෙනෙක් ඉදිරිපත් වූ අතර ඔවුහු විසින් සැකකරුවෝ හඳුනා ගත්තහ.

ජනප්‍රිය පුවත්  දමිත්ට ඇප | සඳුදා උසාවි

‎මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් 2,100කට අධික පිරිසකගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇති බවත් තවත් ප්‍රකාශ ලබා ගැනීමට ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කළේය.

‎මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර පසුගිය ජූලි 5 සහ 6 දිනවල හටගත් ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු සහ රැඳවියන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 100කට වැඩි පිරිසක් තුවාල ලැබීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x