අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
1 min read
අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් “ජයවාපි” වැව ආශ්රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්ය නිලධාරීන්ට බෙදාදීමේ ක්රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.
දේශහිතෛෂී ජාතික ව්යාපාරයේ ලේකම් වෛද්ය වසන්ත බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව 2026 ඔක්තෝබර් 20 වන දින නිකුත් කර ඇති මෙම ලිපිය මඟින් පෙන්වා දී ඇත්තේ, ඉන්දියානු මැදිහත්වීම මත අනුරාධපුර පූජා නගරය සංවර්ධනය කිරීමේ නාමයෙන් රහසිගතව සහ අදාළ පාර්ශ්වවල අදහස් ලබා නොගෙන සිදු කෙරෙන ක්රියාවලිය හේතුවෙන් ප්රදේශයේ මහජනයා අතර බරපතළ සැකසංකා සහ විරෝධයක් ගොඩනැඟී ඇති බවයි.
එමෙන්ම රුවන්වැලිසෑය වටා වැටක් බැඳීම, ජේතවනාරාමය ආශ්රිත හින්දු කෝවිලක් රාමා කෝවිලක් ලෙස පරිවර්තනය කිරීම, සංඝමිත්තා මාවත සහ අනුලා මාවත පදිංචිකරුවන් ඉවත් කිරීම සහ මාර්ග ආශ්රිත බුදු පිළිම ප්රදර්ශනයට තහංචි පැනවීම ඇතුළු කරුණු කිහිපයක් නිසා මහජන අසහනය තීව්ර වී ඇති බව ද එමඟින් පෙන්වා දී ඇත.
මෙම ඉඩම් බෙදාගෙන ඇත්තේ ප්රදේශයේ උසස් රජයේ නිලධාරීන් වීම තත්ත්වය තවත් බරපතළ කර ඇති අතර, ගොවිජන සේවා සහ පරිසර නීති උල්ලංඝනය කරමින් මහා පරිසර විනාශයකට මඟ පාදමින් නිලධාරීන් සතුටු කිරීමට කටයුතු කරන්නේ ඉන්දියානු ව්යාපෘතියට ඔවුන්ගේ සහය ලබා ගැනීමට බවට චෝදනා එල්ල වී තිබේ.
අදාළ ලිපිය පහළින්..

