OICලා 19කට ස්ථාන මාරු
1 min read
පොලිස් ස්ථානාධිපතිවරු 19 දෙනකු වහාම ක්රියාත්මක වන පරිදි මාරුකර යැවීමට පොලිස් මූලස්ථානය ඊයේ (21 වැනිදා) පියවර ගෙන තිබේ.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත පොලිස්පති ප්රියන්ත වීරසූරිය විසින් ඊට අදාළ නියෝගය සිදුකර ඇත.
ඒ අනුව ප්රධාන පොලිස් පරීක්ෂකවරු 11 දෙනකු සහ පොලිස් පරීක්ෂකවරුන් 08 දෙනකුට මෙලෙස මාරුවීම් හිමිවී තිබේ. මාරුවීම් ලද ස්ථානාධිපතිවරුන් එම හත්දෙනකුම සාමාන්ය රාජකාරී සඳහා වෙනත් කොට්ඨාසවලට මාරුකර යවා ඇති අතර ස්ථානාධිපතිවරු 12 දෙනකු තමන් සේවය කළ ස්ථානවල සිට වෙනත් පොලිස් ස්ථාන වෙත ස්ථානාධිපති තනතුරු සඳහාම මාරුකර යවා ඇත.
මේ අතර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ගේ සහ පොලිස් අධිකාරිවරුන්ගේ මාරුවීම් ලැයිස්තුවක් ද ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
