පාර්ලිමේන්තුවේ ඇත්තන් කෝටි 89ක කාලා, ඇඳලා..
1 min read
පසුගිය වසර පහක (2020 – 2024) කාල සීමාව තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයාගේ කාර්යාලය, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාර හා නිල ඇඳුම් වෙනුවෙන් රුපියල් 89,40,13,863ක (කෝටි 89කට අධික) මුදලක් වැයකර ඇති බව ජාතික විගණන කාර්යාලයේ විශේෂ විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.
එම වාර්තාවට අනුව, මෙයින් වැඩිම මුදලක් වැයවී ඇත්තේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා වන අතර එම මුදල රුපියල් 87,37,03,294කි. මීට අමතරව කථානායක කාර්යාලය වෙනුවෙන් රුපියල් 1,07,16,979ක මුදලක්ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාරපාන සඳහා රුපියල් 95,93,590ක මුදලක්ද වැයකර ඇත.
තවද, 2025 වර්ෂයේදී පාර්ලිමේන්තුව සඳහා ආහාරපාන මිලදී ගැනීමට රුපියල් 24,70,49,010.08ක මුදලක් සහ පානීය ජල බෝතල් වෙනුවෙන් රුපියල් 22,78,758.12ක මුදලක් වැය කර තිබේ. පාර්ලිමේන්තුවේ භෝජනාගාර හතරක් ක්‍රියාත්මක වන අතර, සාමාන්‍ය දිනයකදී පුද්ගලයින් 1,200කට සහ පාර්ලිමේන්තු රැස්වීම් පවත්වන දිනයකදී පුද්ගලයින් 1,800කට ආසන්න සංඛ්‍යාවකට දිවා ආහාරය සූදානම් කෙරේ.
