October 9, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කොටුව හිටපු මහෙස්ත්‍රාත් යළි සේවයේ පිහිටුවයි

1 min read

කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී සේවය අත්හිටුවීමට ලක්ව සිටි කෝසල සේනාධීර මහතා, වහාම ක්‍රියාත්මක වන පරිදි යළි සේවයේ පිහිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

ඒ අනුව, ඔහු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරමින්, හිඟ වැටුප් ද සහිතව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අනුයුක්ත කිරීමට කටයුතු කර ඇත.

තමන්ට හිමි නිල නිවස සඳහා අනවසරයෙන් විදුලිය සහ ජලය ලබා ගත් බවට එල්ල වූ චෝදනා පදනම් කරගනිමින්, 2024 වසරේ ජූලි මස 10 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සේනාධීර මහතාගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන තිබිණි.

අගවිනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මාස 27ක කාලයක් තිස්සේ සාක්ෂිකරුවන් 20කට අධික සංඛ්‍යාවකගෙන් කරුණු විමසමින් සිදු කරන ලද දීර්ඝ හා විධිමත් විමර්ශනයකින් අනතුරුව මෙම තීරණයට එළඹ තිබේ.

කෝසල සේනාධීර මහතා අධිකරණ ක්ෂේත්‍රයේ විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨතම මහෙස්ත්‍රාත්වරයා ලෙස ද කටයුතු කරනු ලබයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x