ගල්අඟුරු රැගත් නෞකාවක් පුත්තලමට ළඟාවෙයි
1 min read
මෙම වසරේ දෙවන කාර්තුවට අදාළව නොරෝච්චෝල ලක්විජය බලාගාරයට ගල්අඟුරු රැගෙන එන ‘IVS TRADER’ නෞකාව පුත්තලමට ළගා වී තිබේ.
ඒ අනුව අදාළ ආයතන සමග සිදු කරන තත්ත්ව කටයුතු කඩිනමින් අවසන් කර අද (4) පස්වරුවේදී ගල්අඟුරු ගොඩබෑම ආරම්භ කිරීමට නියමිතය.
මේ අතර බලශක්ති, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද උදෑසන ගල්අඟුරු තත්ත්වය පිළිබඳ සොයා බැලීමට ලක් විජය බලාගාරයට පැමිණ ඇත.
