October 9, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

දැදුරු ඔයේ වාන් දොරටු 2ක් විවෘත කෙරේ

1 min read

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් ඊයේ (07) රාත්‍රියේ සිට අඩිය බැගින් විවෘත කිරීමට ජලාශය භාර වාරි ඉංජිනේරු කාර්යාලය පියවර ගෙන තිබේ.

පසුගිය දින කිහිපය තුළ ජලාශයේ ඉහළ සහ මධ්‍යම පෝෂක ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටම දක්වා ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

වාන් දොරටු විවෘත කිරීමත් සමඟ දැදුරුඔයට තත්පරයට ඝන අඩි 1,400ක පමණ ජල ප්‍රමාණයක් මුදාහැරෙමින් පවතී.

මේ පිළිබඳව අදහස් දක්වමින් කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධානී, නියෝජ්‍ය අධ්‍යක්ෂ විරාජ් දිසානායක මහතා සඳහන් කළේ, මෙය ගංවතුර අවදානම් තත්ත්වයක් නොවන නමුත් ජලාශයට පහළින් පිහිටි ප්‍රදේශවල පදිංචිකරුවන් සහ ඒ ආශ්‍රිත මාර්ග භාවිතා කරන්නන් ඉදිරියේදී විමසිලිමත්ව සහ අවධානයෙන් කටයුතු කළ යුතු බවයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x