October 23, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සම් ගොනු කිරීමේ කාලය අදින් අවසන්..

1 min read

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සදහා පෙත්සම් ඉදිරිපත් කිරීමට තිබූ කාලය අදින් (31) අවසන් වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රීලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව රැසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේ වන විට පෙත්සම් ගොනුකර තිබේ.

ඒ පසුගිය 18 වැනිදා එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව එහි ව්‍යවස්ථානුකූල භාවය විමසා පුරවැසියන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පෙත්සම් ඉදිරිපත් කිරීමට සති දෙකක කාලයක් හිමිවීමත් සමගයි.

එම කාලය අදින් අවසන් වීමට නියමිත අතර, අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය සති තුනක් තුළ සිය මතය කථානායකවරයා වෙත දැන්විය යුතුයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x