September 8, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

තව දින කිහිපයකින් මම හිරේ යනවාලු ! නාමල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

1 min read

තමන් තව දින කිහිපයකින් සිරගත වන බවට එක්තරා අමාත්‍යවරයෙකු ප්‍රකාශ කර ඇති බවත්, අදාළ නඩු තීන්දුව ලබාදෙන්නේ එම අමාත්‍යවරයා විසින්ද යන්න තමන්ට ගැටලුවක් පවතින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.


පොළොන්නරුව, මනම්පිටිය ප්‍රදේශයේ පැවැති රැස්වීමක් අමතමින් නාමල් රාජපක්ෂ මේ බව සඳහන් කළේය. “මම අද වනතෙක් හිතාගෙන හිටියේ නඩු අසන්නේ ගරු අධිකරණය කියායි. අපි සැමවිටම විශ්වාස කරන්නේ අධිකරණයයි. හැබැයි අමාත්‍යවරයා පවසනවා මම සිරගත වන බව,” යැයි ඔහු එහිදී කියා සිටියේය.
මෙරට ඉතිහාසයේ බිහිවූ දූෂිතම සහ ඒකාධිපති පාලනයක් සහිත රජයක් වර්තමානයේ බිහිවී ඇති බවට ද මන්ත්‍රීවරයා මෙහිදී චෝදනා කළේය.


එදා ගොවි ජනතාවට අසීමිත බලාපොරොත්තු ලබාදුන් බවත්, වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මුලින්ම සඳහන්ව ඇත්තේ ගොවියාගේ අස්වැන්නට සාධාරණ මිලක් ලබාදෙන බව වුවද අද වන විට ගොවියාට එවැනි සාධාරණ මිලක් ලැබෙන්නේද යන බරපතළ ප්‍රශ්නයක් පවතින බව ද ඔහු සඳහන් කළේය. ව්‍යාපාරිකයාට නම් සාධාරණ මිලක් ලැබෙනවා ඇති බවත්, ගොවියා මුහුණ දී ඇති මෙම තත්ත්වය පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජනප්‍රිය පුවත්  ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළට

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x