July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සූරසේනට බැරි උනොත් ජනක් ද සිල්වාට !

1 min read

වර්තමාන අගවිනිසුරු දේවගැති ප්‍රීති පද්මන් සූරසේනව, වසර 2 ක විශ්‍රාම වයස දිගුකරගැනීමේ මෙහෙයුම මගින් එම තණතුරේ තබාගැනීමට නොහැකි වුවහොත්, එම තණතුර දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වන යසන්ත කෝදාගොඩට එම ධුරය ලබා නොදීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි අපගේ ආරංචි මාර්ග අවධාරණය කර සිටී.

ශ්‍රේෂ්ඨාධිකරණ යසන්ත කෝදාගොඩ විශ්වාස කළ නොහැකි පුද්ගලයකුයැයි වත්මන් අගවිනිසුරු දේවගැති ප්‍රීති පද්මන් සූරසේන ජනාධිපතිවරයාට ඒත්තු ගන්වා තිබේ. ප්‍රීති පද්මන් සූරසේන විසින් පවසා ඇත්තේ, යසන්ත කෝදාගොඩ විපක්ෂයේ උවමනාවන්ට අනුව කටයුතු කරන පුද්ගලයකු ලෙසට ය. යසන්ත කෝදාගොඩ විනිසුරුවරයාගේ පරිශ්‍රය තුළ පිහිටි කාර්යාලය තුළට තමන් C.C.T.V. කැමරා සවිකරන ලද්දේ ද එම සැකකටයුතු තත්ත්වය නිසා යැයි අගවිනිසුරුවරයා ජනාධිපතිවරයාට පැහැදිලි කර ඇතැයි අපගේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග අණාවරණය කර තිබේ.

ඒ අනුව, කිසියම් හේතුවක් මත, වත්මන් අගවිනිසුරු දේවගැති ප්‍රීති පද්මන් සූරසේන වෙනුවෙන් ඉහල විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස වසර 2 කින් දිගුකිරීමේ මෙහෙයුම අසාර්ථක වුවහොත් කළ යුත්තේ විනිසුරු යසන්ත කෝදාගොඩට එම තනතුර ලබා නොදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වාට එම තණතුර ලබාදීම බව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ නිර්දේශය වී තිබේ. ඔහු මේ බව ජනාධිපතිවරයාටද ඒත්තු ගන්වා ඇතැයි අපගේ ආරංචි මාර්ග අවධාරණය කරනු ලබයි.

ජනප්‍රිය පුවත්  ලංකාවෙ S.O.P. ඉන්දියාව හදයි! චීනය කනස්සල්ලෙන්

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා දැනට සිටින ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අතර ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉන්නේ 5 වැනියාට ය. යසන්ත කෝදාගොඩට එම ධූරය ලබා නොදෙන්නේනම්, ජ්‍යෙෂ්ඨත්වය අනුව ඊළඟට යෝජනා විය යුත්තේ ඒ.එච්.එම් නවාස් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයාගේ නමය. එසේ තිබිය දී මෙම වසරේ දෙසැම්බර් මස, වත්මන් අගවිනිසුරු, දේවගැති ප්‍රීති පද්මන් සූරසේනට විශ්‍රාම යාමට සිදුවූහොත්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා එම තණතුරට පත් කිරීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණ සම්ප්‍රදාය බලවත් අර්බුදයකට ලක්වනු ඇතැයි අපගේ ආරංචි මාර්ග අවධාරණය කරනු ලබයි.

මේ වන විට වත්මන් අගවිනිසුරු දේවගැති ප්‍රීති පද්මන් සූරසේන සමඟ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් බහුතරයක් ගැටුමට පිවිස තිබේ. ඒ, ප්‍රීති පද්මන් සූරසේනගේ සාධාරණ නොවන හා ආධිපත්‍ය පතුරවන බලපෑම් සහගත මැදිහත්වීමට එරෙහිව ය. දේශපාලනමය වශයෙන් ආණ්ඩුවට වැදගත් වන සියළුම නඩුවලට අගවිනිසුරු දේවගැති ප්‍රීති පද්මන් සූරසේන වෙතින් එල්ලවන බලපෑම පිළිබඳව මේ දිනවල දිවයින පුරා විසිරී සිටින විනිසුරන්ගේ විවේචනයට භාජනය වී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරන්ගේ විශ්‍රාම යන වයස තව අවුරුදු 2 කින් දීර්ග කිරීම පහළ අධිකරණයන් තුළ සිටින විනිසුරන්ගේ දැඩි අප්‍රසාදයට හේතු වී ඇත.

ජනප්‍රිය පුවත්  වාහන පන්නා ඇත්තේ කොයි ජනාධිපතිගේ පුතාද?

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද මේ වන විටද එම උත්සාහය අධිකරණ පද්ධතියට හානි පමුනුවනු ලබන්නක් බව නිවේදනයක් මගින් පෙන්වා දී තිබේ.

ආණ්ඩුවට ලැදි බොහෝ පාර්ශවයන් අතර ද මේ පිළිබඳ ඇති වී ඇත්තේ බලවත් විරෝධයකි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x