September 9, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සලේ මරා දැමීමේ සූදානමක් !

1 min read

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොලකරු සෙවීමටයැයි කියමින් එය රාජපක්ෂවරු නැවත බලයට ඒම සඳහා සිදුකරවන ලද ක්‍රියාවක් ලෙස හුවාදක්වීමේ සැලැස්මේ කොටසක් ලෙස හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අත් අඩංගුවට ගෙන මේ වන විට මාස 3 කටත් වැඩිය. ඔහුව අත් අඩංගුවට ගනු ලැබුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත මගින් ලැබී ඇති ජනාධිපතිවරයා විසින් සිදුකරන රැඳවුම් නියෝග හරහාය. මේ නිසා සුරේෂ් සලේව රහස් පොලීසිය භාරයේ තබාගෙන දැඩි පීඩනයක් මානසිකව ලබාදෙමින් ප්‍රශ්න කර තමන්ට උවමනා දේ කියවා ගැනීමට හැකිවනු ඇතැයි ජනාධිපති අනුර හා රහස් පොලීසියේ අධ්‍යක්ෂක ශානි අබේසේකර බලාපොරොත්තු විය.

එහෙත්, එම වෑයම අසාර්ථක වන බව පෙනෙනවිට CID ය හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාට දෙන ලද පීඩනය වැඩි කළේය. එමඟින් ශානි අබේසේකරලා බලාපොරොත්තු වූයේ, එල්ල වෙන පීඩනය හමුවේ සුරේෂ් සලේ සියදිවි හානිකර ගැනීමේ ඉරණමකට ලක් කිරීමය. එම උපක්‍රමය කපිල චන්ද්‍රසේන සම්බන්ධයෙන්ද, මුදල් අමාත්‍යාංශයේ අතිරේක අධ්‍යක්ෂ රංග රාජපක්ෂ සම්බන්ධයෙන්ද සාර්ථක වූ බැවින්, මෙයද සාර්ථක වනු ඇතැයි ඔවුහු කල්පනා කළහ.

ජනප්‍රිය පුවත්  විනිසුරු පසන් අමරසේන නීති විරෝධීයි, සදාචාර විරෝධීයි ! මේ "පිස්සා" අපිට එපා ! - ගල්කිස්ස නීතිඥ සංගමය

නමුත්, එම ඉරණමට අභියෝග කරමින් සුරේෂ් සලේ ආරම්භ කරන ලද මාරාන්තික උපවාසයත්, ඒ සමගම සමාජය තුළ ඔහුට පක්‍ෂපාතීව ඇති වූ මතයත් හේතුකොටගෙන අකමැත්තෙන් හෝ සුරේෂ් සලේව රෝහල් ගත කිරීමට ආණ්ඩුවට සිදු විය.

එහෙත් ඔවුන්ට දෙවැනි සැලැස්මක්ද මේ සම්බන්ධයෙන් ඇතැයි අප වෙත දැනුම්වත් කළේ රහස් පොලීසියේ ඉහළ පෙළේ ප්‍රධානියෙකි. ඔහුට අනුව, දැන් ශානි අබේසේකර සූදානම් වන්නේ රෝහල තුළදී, ආණ්ඩුවට පක්ෂපාතී වෛද්‍යවරයෙකු හෝ හෙද සේවකයකු මගින් සුරේෂ් සලේට වස පෙවීමටය. ක්ෂණයකින් මරණයට ලක් නොවන, එහෙත් ක්‍රමානුකූලව කෙටි කලක් තුළ මරණයට ලක්වන ආකාරයේ ඉරණමකට ඔහුව ඇද හෙලීම මෙම සැලසුමේ අරමුණ වේ.

අනතුරුව, එහි වගකීම ද රාජපක්ෂලා මත පටවා, දැන් ඉතින් මහමොලකරු සොයා ගැනීම අසීරු බව පෙන්වා අත හෝදා ගැනීම මෙම මිනීමරු සැලැස්මේ අරමුණ වී ඇත.

මෙය මේ වනවිට සුරේෂ් සලේගේ පවුලේ සාමාජිකයන්ටද විවිධ අංශ මඟින් දැනුම්වත් කර ඇතැයි පැවසේ. කපිල චන්ද්‍රසේන සිය දිවි නසා ගන්නා ඉරණමට අද දැමීම මගින්, කුප්‍රකට එයා බස් ගනුදෙනුවේ පරීක්ෂණ ද ඉදිරියට ගෙන යා නොහැකි බව පවසනාක් මෙන්, සුරේෂ් සලේගේ හදිසි මරණය මත “මහමොලකරු” සෙවීම ද ඉදිරියට ගෙන යා නොහැකි තත්වයක් ඇතැයි පෙන්වා දීම ආණ්ඩුවේ අභිප්‍රාය වී ඇත. මේ පිළිබඳ තවත් තොරතුරු ඉදිරියේ දී අනාවරණය කිරීමට අපි සූදානමින් සිටිමු.

  • ජයන්ත පතිරගේ –
ජනප්‍රිය පුවත්  අනුර - ට්‍රම්ප් හමුවේ ඡයාරූපයත් පචයක්!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x