June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

1 min read

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් “X” (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

රුසියානු තානපති කාර්යලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අනුව රුසියාවට එරෙහි සම්බාධක ක්‍රියාත්මක වන බවට චෝදනා එල්ල වී ඇති බව ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම ප්‍රකාශ කර තිබේ.එලෙසම යුරෝපා සංගමය, රුසියාවේ තෙල් හා ගෑස් ආදායම පහත වැටෙමින් තිබෙන බවටත්, ණය ගැනීමේ පිරිවැය ඉහළ යමින් පවතින බවටත්, ප්‍රධාන වෙළඳපල අහිමි වෙමින් සහ යුක්රේනයට එරෙහි යුද්ධයට මුදල් සැපයීම වඩ වඩාත් දුෂ්කර වෙමින් පවතින බවටත් කරුණු දක්වා ඇතැයි ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය පවසයි.

මෙම ප්‍රකාශයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ නොමඟ යවන සුළු ප්‍රකාශයන් බව අවධාරණය කරන ෂ්‍රී ලංකාවේ රුසියානු තානපති කාර්යාලය වීදුරු ගෙවල් වල සිට ගල් ගැසීමට කටයුතු නොකරන ලෙස යුරෝපා සංගමය වෙත අවවාද කරයි.

සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින්…

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ මාධ්‍ය නිවේදනය

ජනප්‍රිය පුවත්  ශ්‍රී ලංකා නිදහස් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

2026 ජූනි 6

“X” (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහිව ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් කරන ලද නොමඟ යවන තොරතුරු පිළිබඳවයි

රුසියාවට එරෙහි සම්බාධක ක්‍රියාත්මක වන බවට චෝදනා එල්ල වී ඇති බව ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම ප්‍රකාශ කර ඇත. ඔවුනට අනුව රුසියාවට, තෙල් හා ගෑස් ආදායම පහත වැටෙමින් තිබේ, ණය ගැනීමේ පිරිවැය ඉහළ යමින් පවතී, ප්‍රධාන වෙළඳපල අහිමි වෙමින් පවතී, සහ යුක්රේනයට එරෙහි යුද්ධයට මුදල් සැපයීම වඩ වඩාත් දුෂ්කර වෙමින් පවතී.

මෙම ප්‍රකාශයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ නොමඟ යවන සුළු ප්‍රකාශයන් වේ. ඉතාලිය, ස්පාඤ්ඤය සහ ග්‍රීසිය රුසියාවෙන් ස්වභාවික ද්‍රව වායු මිලදී ගැනීම් වැඩි කරමින් සිටී. හංගේරියාව සහ ස්ලෝවැකියාව “Druzhba” නල මාර්ගය ඔස්සේ රුසියානු තෙල් ලබා ගැනීම දිගටම කරගෙන යාමට අදහස් කරති. මේ වන විට, තුන්වන පාර්ශවයේ රටවලින් රුසියානු බොර තෙල් වලින් සාදන ලද ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීමට එක්සත් රාජධානිය කාල සීමාවක් සඳන් නොකරම එකඟ වී ඇත.

ජනප්‍රිය පුවත්  ශානි අබේසේකර 2020 සිට නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කරන්න නියෝග

මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පිරිස් වෙත, අපි සත්‍ය සංඛ්‍යාලේඛන ලබා දීමට කැමැත්තෙමු. 2025 වර්ෂයේදී යුරෝපා සංගමයෙහි රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 81.7 දක්වා ඉහළ ගොස් තිබේ. අප හොඳින්ම දන්නා නරකම සංඛ්‍යාලේඛන: ග්‍රීසිය 146%, ඉතාලිය 137%, ප්‍රංශය 115% සහ බෙල්ජියම 108% වැනි දරුණු අගයකට ළඟා වී තිබේ. රුසියාවට ඇති රාජ්‍ය ණය ප්‍රතිශතය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 16.4% ක් පමණ වන අතර ඉහත කී රටවලට සාපේක්ෂව අඩු අගයකි.

2025 දී යුරෝපා සංගමයේ අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.1% ක් වැනි අගයක පවතුණි. යුරෝපා සංගමයේ ඉහළම අයවැය හිඟයන් ඇති රටවලට පෝලන්තය (7.3%), බෙල්ජියම (5.2%), ප්‍රංශය (5.1%) සහ එක්සත් ජනපදය (5.9%) යන යුරෝපා සංගමයේ සාමාජික රටවල් ඇතුළත් වේ. එහෙත් රුසියාවේ එය 2.6% ක් පමණ වන අගයකි.

එලෙසම, සියලුම කාර්මික රටවල් අතර රුසියානු සමූහාණ්ඩුව අඩුම විරැකියා අනුපාතයක් පෙන්වන රටකි. එනම්, ආර්ථික වශයෙන් ක්‍රියාකාරී ජනගහනයෙන් ආසන්න වශයෙන් 2.2% කි. එහෙත් එම අගය ජපානයේ එය 2.5%ක් වන අතර යුරෝපා කලාපයේ 5.9% ක් වැනි ඉහළ අගයක් ගනී.

ජනප්‍රිය පුවත්  චීන සමාගමක් මෙරට ආයෝජනය අතහැර යයි! නඩු දමන බව දන්වයි!

ඒ අනුව සම්බාධකවලින් වැඩි හානියක් සිදුවන්නේ කාටද යන්න වෛෂයික සංඛ්‍යාලේඛන මගින් පැහැදිලිව පෙන්වා දෙයි.

රුසියාවේ යැයි අර්ථ දක්වන ආර්ථික බිඳවැටීම ඉදිරිපත් කරමින් බ්‍රසල්ස් නිලධාරීන් ජාත්‍යන්තර ප්‍රජාව නොමඟ යැවීම නැවැත්වීමට කාලය පැමිණ ඇති බව අපි අවධාරණය කරමු. එලෙසම කියෙව්හි දූෂිත, නාසි පාලනයට සහාය වීම සඳහා යුරෝපීය බදු ගෙවන්නන්ගේ මුදල් වියදම් කිරීම නැවැත්වීම වඩා යෝග්‍ය වනු ඇති බවද අපි අවධාරණය කරමු.

රුසියානු විරෝධී පණිවිඩ හෝ ක්‍රියාවන් තුළ සංවිධානය කිරීමට ගන්නා ඕනෑම උත්සාහයකට දැඩි ප්‍රතිචාර දැක්වීමේ අයිතිය තානාපති කාර්යාලය සතු බව දැඩිව අවධාරණය කරමු.

අවසාන වශයෙන් ඔබේ නිවස වීදුරුවලින් සාදා ඇත්නම් ගල් ගැසීමට කටයුතු නොකරන ලෙස අපි අවවාද කරමු.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x