June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වත්කම් අහද්දි හඳුන්නෙත්තිට තද වෙයි!

1 min read

වත්කම් සම්බන්ධයෙන් තමාගෙන් ප්‍රශ්න ඇසීම නුවණට හුරු නැතැයි අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ රූපවාහිනී වැඩසහනකට ඊයේ (22) සහභාගි වෙමිනි.

මේ අවස්ථාවේදී හඳුන්නෙත්ති මහතා සහ නිවේදක අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවනුද දැක ගත හැකිවිය.

නිවේදක:

මා ඔබ පාරේ දි මුණ ගැසුනා නොවෙයි. මේක රූපවාහිනී සංවාදයක්. ජනතාව බලාගෙන ඉන්නවා. මට ප්‍රශ්න අහන්න අයිතිය තියෙනවා. ඔබතුමාට ඕන නම් පිළිතුරු නොදී ඉන්න පුළුවන්.ඔබලා වත්කම් බැරකම් ඉදිරිපත් කළ ආකාරයේ විශ්වාසනීයත්වය ගැන ගැටළුවක් තියෙනවා. වත්කම් බැරකම් නීතිය විහිළුවට දාලා ඉදිරිපත් කරපු ආකාරයකුත් පේනවා.

අමාත්‍ය හඳුන්නෙත්ති:

ඔබතුමා මෙහෙම ප්‍රශ්න අහන එක වැරදියි. මේකට රටේ ක්‍රමවේදයක් තියෙනවා.

නිවේදක:

ඔබතුමාට පර්චස් 47ක වත්කමක් තියෙනවා. ඒ ඉඩම අත්පත් කරගත් ආකාරය සහ වටිනාකම වත්කම් බැරකම් ප්‍රකාශයට ඇතුළත් කරලා නැහැ.

සුනිල් හඳුන්නෙත්ති:

ඒ පිළිබඳව ගැටලුවක් තියෙනවා නම් පැමිණිල්ලක් කරන්න පුළුවන්. මට ඔබතුමාගේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්නත් පුළුවන් නොදෙන්නත් පුළුවන්.අපි දෙන්නා මේක මෙතන විභාග කරන එක සාධාරණ නැහැ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මේ වත්කම් වාර්තා ප්‍රසිද්ධ කරලා තියෙන්නේ පාරෙ හම්බ වෙනකොට අහල ප්‍රශ්න කරන්න නෙවෙයි. යැයි පැවසීය

ජනප්‍රිය පුවත්  අපි බලය ගත්තේ ආපහු දෙන්න නෙමෙයි.. රට හදන්න පුළුවන් අපට විතරයි.. - මාලිමා මන්ත්‍රී

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x