June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ලාල්ගේ විරෝධයත් ටිල්වින් පිලට !

1 min read

“‍ජ.වි.පෙ. ඉවතට ! බලය අනුර, මලික්, ක්‍රිෂාන්ත හවුලට !”‍ යන හිසින් අප ඊයේ අපරභාගයේදී පළකරන ලද ප්‍රධාන පුවත ඵළ වීමත් සමඟ පැලවත්ත අපගේ ආරංචි මාර්ග විසින් තවත් තොරතුරු රැසක් අණාවරණය කරගෙන තිබේ.

ආණ්ඩුකරණය ජනාධිපතිවරයාට හා අමාත්‍ය මණ්ඩලයට පවරා, ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු එම කණ්ඩායම එම කටයුතු සඳහා බලපෑම් කිරීමෙන් වහාම ඉවත් විය යුතු බව මෙම අභ්‍යන්තර ගැටුමේ දී ජනාධිපතිවරයාගේ කණ්ඩායමේ මතය වී තිබේ. පක්ෂය සීමාව අභිබවා ආණ්ඩුකරණයට අදාල තීරණවලට බලපෑම් කිරීම සිදු නොවිය යුතුය යන්න එහි අදහස වේ.

එහෙත්, ටිල්වින්, බිමල්, කලවැල්ගල චන්දාලෝක ඇතුළු පක්ෂයේ බහුතර මතය වී ඇත්තේ ආණ්ඩු බලය ලබාදුන්නේ ජ.වි.පෙ. ට බැවින්, ඒ පිළිබඳ පූර්ණ වගකීම පවතින්නේ ජ.වි.පෙ. ට බවයි. ජනාධිපතිවරයා සහ සමහර ඇමතිවරු වටා දැන් එකතු වී සිටින ව්‍යාපාරික රංචුවට උවමනා පරිදි ආණ්ඩුකරණය සිදු කිරීමට ඉඩ දී පක්ෂය බලා නොසිටිය යුතු බව එම බහුතර කණ්ඩායමේ අදහස වේ.

මෙහිදී ක්‍රිෂාන්ත කුරේ වැනි රනිල් වික්‍රමසිංහට සමීපව සිටි “‍ඩීල් කරුවන්”‍ ජ.වි.පෙ. පාලනයක හතර මායිමට වද්දා නොගත යුතුය යන මතයේ ජ.වි.පෙ. අප්‍රකට පාලක ලේකම් කලවැල්ගල චන්දාලෝක හිමියෝ ද සිටිති.

ජනප්‍රිය පුවත්  පොහොර හිඟයක් ! ඇණවුම් ප්‍රතික්ෂේප වෙයි!

විජිත හේරත්, ලාල් කාන්ත, වසන්ත සමරසිංහ, නලින්ද ජයතිස්ස ඇතුළු කුඩා කණ්ඩායමක් ජනාධිපතිවරයාගේ මතය වෙනුවෙන් පෙනී සිටිති.

ධම්මික පෙරේරා, හනීෆ් යූසුෆ්, ක්‍රිෂ් බාලේන්ද්‍ර, අෂ්රො‍ෆ් ඔමාර්, අමලීන්, ඉෂාර නානායක්කාර ආදී ව්‍යාපාරික ගජ මිතුරන් ජනාධිපතිවරයාගේ ආණ්ඩුකරණයට අදාළ තීරණ කෙරෙහි බලපෑම ටිල්වින් සිල්වා ප්‍රමුඛ කණ්ඩායමේ උදහසට හේතු වී තිබේ.

පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත විසින් තම් මුහුණු පොතේ ඵළ කරන ලද ආන්දෝලානාත්මක “‍පෝස්ටුව”‍ ද මෙම අභ්‍යන්තර මත ගැටුමේ ප්‍රතිඵලයකිි. මෙයට දින 6 කට පෙර ඔහු ඵළ කර තිබූ එහි සඳහන්ව තිබුණේ “‍ඔබටත්, එයාටත්, මෙයාටත් ඕන විදියට ආණ්ඩු කරන්නේ නැත. ආණ්ඩු කිරීමට තීරණය ගන්නා නියමිත ආයතන ව්‍යූහයක් ඇත. ඔබ හෝ මම කැමති වුණත් නැතත් එය එසේය..”‍ යනුවෙනිි. මෙම සදහන, සෘජුවම ආණ්ඩුකරණය ජ.වි.පෙ. ට අවශ්‍ය පරිදි සිදුවිය යුතුය යන මතය දරණ ටිල්වින් – බිමල් ඇතුළු පක්ෂයේ බහුතර කණ්ඩායම ඉලක්ක කර ගනිමින් ඵළ කර තිබෙන්නකි. ඇතැමෙකු මෙය වැරදියට කියවාගෙන තිබුණේ එකී දිනවල ආන්දෝලනයට තුඩු දුන් අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමිට අදාළ පරීක්ෂණ කටයුතු පිළිබඳව ජ.වි.පෙ. සමීප කණ්ඩායම් වෙතින් ආ චෝදනාවට අදාළව මෙය ඵළ කර තිබේය යනුවෙනි. නමුත්, මෙය ජනාධිපති අනුරගේ මතය වෙනුවෙන් අමාත්‍ය ලාල් එලිපිට සිය මතය හුවා දැක්වීමක් බව අපගේ පැලවත්ත ආරංචි මාර්ග තහවුරු කර සිටි.

ජනප්‍රිය පුවත්  නීතිපති ඉවත්කිරීමට විශ්වාසභංගයක්!

ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජනාධිපතිවරයාගේ ද සමීප හිතවතියක වූ ප්‍රමිෂ්කා පෙරේරා හරහා ද ජනාධිපතිවරයා තුල වන ජ.වි.පෙ. බැහැරකර ආණ්ඩුකරණය කිරීමේ මතය වෙනස් කිරීමට උත්සාහ කර තිබේ. ඊට අදාළව මෑතකදී ඇතැම් සමීප ජ.වි.පෙ. නායකයන් සමඟ ඇය පවසා ඇත්තේ ඉවසිල්ලෙන් ගමන යා යුතු බවයි. ඇය ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාට ලැදියාවක් දැක්වීමට ප්‍රධාන වශයෙන් බල පා තිබෙන්නේ පසුගිය මහමැතිවරණයේදී NPP ජාතික ලැයිස්තුවට ඇයගේ නම ඇතුළත් කිරීමට යෝජනා වූ විට, ජ.වි.පෙ. දේශපාලන මණ්ඩලය තුළ ඒ ගැන ඇති වූ සාකච්ඡාවේදී ටිල්වින් සිල්වා ඇයගේ පැත්ත ගෙන, ඇය වෙනුවෙන් පෙනී සිටීම ය.

මේ අතර හෙට (02) සවස 2.00 ට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී ජුනි මස 3 වැනි සතිය දක්වා නැවත පාර්ලිමේන්තුව රැස්වීම ප්‍රමාද කරගැනීමට සභානායක බිමල් රත්නායකට උපදෙස් ලැබී තිබේ. ජ.වි.පෙ. ප්‍රධාන ලේකම්වරයා විසින් මෙම උපදෙස බිමල් රත්නායක වෙත ලබා දී ඇත. එයටද හේතු වී ඇත්තේ, ආණ්ඩුපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු අතර ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය පිළිබඳ ඇති කළකිරීම පිළිබඳ ප්‍රශ්ණය කි.

  • කපිල ශ්‍රී කිතුලගොඩ –
ජනප්‍රිය පුවත්  මාලිමාව පාර්ලිමේන්තු මන්ත්‍රීගේ ගංජා හේනක් වටලයි! මල් පැල නෙවෙයි, ගංජා පැල!
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x