June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රුපියල තවදුරටත් බාල්දු වෙයි!

1 min read

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක මිල අද (31) දිනයේ දී රු. 315.19ක් ලෙසින් වාර්තා වී ඇත.

මෙලෙස ඩොලරයේ අගය රු.315 සීමාව ඉක්මවා ගොස් ඇත්තේ 2024 පෙබරවාරි 01 දිනෙන් පසු පළමු වරට අද (31) දිනයේ දීය.

තවද අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 311.76ක් සහ විකුණුම් මිල රු. 319.31ක් ලෙසින් වාර්තා වී තිබේ. 2023 ජූනි 15 දිනෙන් පසු ඩොලරයේ ගැනුම් මිල රු. 311 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වන අතර 2023 ජූලි 11 දිනෙන් පසු ඩොලරයේ විකුණුම් මිල රු. 319 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව ද අද දිනයේ දී මේ අනුව වාර්තා වී ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x