June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රිෂාඩ් බදුර්දීන්ගෙන් වසන්ත සමරසිංහට කටාර් පගාවක්!

1 min read

පසුගියදා වසන්ත සමරසිංහගේ වෙළඳ අමාත්‍යාංශට හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් පැමිණ තිබේ. ඉතා සුහදව වසන්ත සමරසිංහ අමාත්‍යවරයා සමග කතා බහ කළ රිෂාඩ් බදුර්දීන්, යෝජනා කර ඇත්තේ මන්නාරමේ පිහිටි තම ඉඩමක් ආර්ථික මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා මුදල් ගෙවා රජයට ලබා ගන්නා ලෙසය.

එම යෝජනාවට එකඟ වී ඇති අමාත්‍ය වසන්ත, එම අවස්ථාවේදීම නිලධාරියකු ගෙන්වා උපදෙස් දී ඇත්තේ වහාම අදාළ ඉඩම ආර්ථික මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා තක්සේරු වටිනාකම ගෙවා ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කරන ලෙසයි.

පසුව, සතුටු සාමීචියේ යෙදුනු රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා, ‘‘වැඩේ කෙරුනම මචං මං උඹට කටාර් ට්‍රිප් එකක් දෙන්නම්“ යනුවෙන් ද පවසා තිබේ. වසන්ත සමරසිංහ එම යෝජනාව සන්තෝශයෙන් පිළිගෙන ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x