July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මිල්ලනිය ප්‍රා.ස. මාලිමා සභාපතිට මරණ තර්ජන

1 min read

ජාතික ජන බලවේගයට බලය හිමි මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ සභාපති ජයතුංග ගමගේ සමන් සුජීව මහතාට නිර්නාමික දුරකථන ඇමතුමක් මගින් මරණ තර්ජන සිදුකර ඇති බවට ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව හොරණ මූලස්ථාන පොලිසිය පවසයි.

අද (15) අලුයම 1ට පමණ කිසියම් පුද්ගලයකු විසින් සභාපතිවරයාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාදී, ‘එළිවීමට පෙර මරන බවට’ තර්ජනයක් සිදු කළ බව පැමිණිල්ලේ සඳහන් වෙයි.

එම දුරකථන ඇමතුමෙන් අනතුරුව සභාපතිවරයා වහාම පොලිස් හදිසි ඇමතුම් අංකය ඔස්සේ සිද්ධිය සම්බන්ධයෙන් දැනුම්දී ඇති අතර, ඒ අනුව හොරණ මූලස්ථාන පොලිසියේ නිලධාරීන් පිරිසක් ඔහුගේ නිවස වෙත ගොස් පැමිණිල්ල නිල වශයෙන් සටහන් කරගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මරණ තර්ජනය එල්ල කළ පුද්ගලයාගේ අනන්‍යතාව හෙළි කරගැනීම සඳහා අදාළ දුරකථන අංකය සහ ඇමතුම් වාර්තා සම්බන්ධයෙන් තාක්ෂණික විමර්ශන සිදුකරන බව පොලිසිය සඳහන් කරයි.

සභාපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට ද පොලිසියේ අවධානය යොමුවී ඇති අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන හොරණ මූලස්ථාන පොලිසිය මගින් සිදුකරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x