June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මාලිමා මන්ත්‍රී ටී.බී. සරත්ට පොළොන්නරුවේදී හූ සංග්‍රහයක්!

1 min read

හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාව විසින් හිඟුරක්ගොඩ දොරදෙක ප්‍රදේශයේ යෝධ ඇළ ආශ්‍රිතව කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මේ දිනවල කටයුතු කරමින් සිටී. මෙම ස්ථානයේ කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක් ඉදි කළහොත් දැඩි පාරිසරික ගැටලු මතුවන බවට පවසමින් එම භූමිය අවට ගම්මාවල ජනතාව විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.


විරෝධතාකරුවන් සිටින ස්ථානයට නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පැමිණි අතර එහිදී ඇතිවූ උණුසුම් තත්ත්වයක් මැද නියෝජ්‍ය අමාත්‍යවරයාට දැඩි විරෝධයක් එල්ලවිය.


පසුව නියෝජ්‍ය අමාත්‍යවරයා අදාළ ස්ථානයෙන් පිටවයෑමේදී හූ හඬ නඟමින් විරෝධතාකරුවන් පුවරු ප්‍රදර්ශනය කරමින් දිගටම විරෝධතාවය දැක්වීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x