June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මල්වානේ නිවසේ බලහත්කාරයෙන් රැඳී සිටින පිරිසට එරෙහිව එරෙහිව දොම්පේ ප්‍රාදේශීය ලේකම්ගෙන් පොලීසිය ට පැමිණිල්ලක්

1 min read

ගම්පහ මල්වානේ පිහිටි නිවසකට අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ පාර්ශ්වයක් යැයි කියාගන්නා අනවසරෙන් ඇතුළු වී එය අත්පත් කරගෙන සිටීම සම්බන්ධයෙන් දොම්පේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. .

රජයට අයත් භූමියකට අනවසරයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් අදාළ පිරිසට එරෙහිව දොම්පේ පොලීසිය වෙත ප්‍රාදේශීය ලේකම්වරයා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

මල්වානේ පිහිටි හිමිකරුවෙකු නොමැති මෙම නිවස සහ ඉඩම සීමිත විශ්වවිද්‍යාල සඳහා ලබාදෙන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ පිරිසක් පසුගිය 14 වනදා එහි නවාතැන් ගනිමින් විරෝධතා ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනු ලැබීය.

මේ අතර, එම ක්‍රියාමාර්ගයට එරෙහිව නව ජනතා පෙරමුණද අද (16) දොම්පේ පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව, එම පෙරමුණේ නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග මහතා ප්‍රකාශ කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x