June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බෝධියට බුදු පිළිමෙට වඳින්නේ ගෝත්‍රිකයෝ කී ආණ්ඩුව ඒ ආගම රකින්න නීති හදයිද…! – විජේදාස රාජපක්ෂ…

1 min read

රටේ සාමාන්‍ය අධිකරණ පද්ධතිය අකර්මන්‍ය වන ආකාරයට කටයුතු කරන ආණ්ඩුවක් යටතේ ධර්මාධිකරණයක් පිළිබඳ සිහින මැවීමෙන් පලක් නොමැති බව හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පවසයි.

රටේ ශ්‍රේෂ්ඨාධිකරණය පිහිටුවා මේ වන විට වසර 225ක් වන බවත් අද මෙන් කිසි දිනක එහි ඇබෑර්තු 4ක් නොතිබුණු බවත් ඔහු පෙන්වා දෙයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් සිටින්නේ 17 දෙනෙකු බැවින් 4ක් යනු විශාල සංඛ්‍යාවක් බවද අභියාචනාධිකරණයේ විනිසුරුවරන් 20න් 4ක් ඇබෑර්තු ඇති බවද විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කරයි.

රටේ උපරිම අධිකරණ දෙකෙහිම ඇබෑර්තු 08ක් පවතින අවස්ථාවක ජනතාවට කලට වේලාවට යුක්තිය සාධාරණය ඉටුවේදැයි සිතන්නේ කෙසේදැයි හිටපු අධිකරණ ඇමතිවරයා ප්‍රශ්න කරයි.

බෝධි වන්දනාව බුදු පිළිම වන්දනාව සිදුකරන්නේ ගෝත්‍රිකයන් යැයි අර්ථකතනය කළ ආණ්ඩුවක් එම එම ගෝත්‍රික ආගමේ සහ එය අදහන ගෝත්‍රිකයන්ගේ ආරක්ෂාවට සුබදායි යමක් කරයිද යන ගැටලුව ජනතාවට ඇතැයිද හෙතෙම ප්‍රකාශ කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් විජේදාස රාජපක්ෂ මේ බව කීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x