බාල ගල් අඟුරු ගෙන ඒමට වියදම සියයට 30,220 කින් වැඩිලු !
1 min read
2025 මැයි මාසයේ දී ශ්‍රී ලංකාවට ගෙනැවිත් තිබෙන ගල් අඟුරු වලට වැය වී ඇත්තේ ඩොලර් මිලියන 0.1 ක් වුවත්, 2026 මැයි මාසය වන විට ගල් අඟුරු ආනයනය සඳහා වැයකර තිබෙන මුදල ඩොලර් මිලියන 22.4 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ප්‍රතිශතාත්මකව එය 30,220 % කි. මේ බව අණාවරණය වන්නේ ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කර තිබෙන වාර්තාවකිණි.
මෙපමන විශාල මුදලක් 2025ට සාපේක්ෂව 2026 දී මේ වන විට ගල් අඟුරු ආනයනයට වැයකර ඇත්තේ නියමිත විදුලිය ධාරිතාව ගල් අඟුරු මගින් නිපදවා ගැනීමට නොහැකි වූ තත්ත්වයක් යටතේ ය. වැඩි මිලට ප්‍රමිතියෙන් අඩු ගල් අඟුරු ආනයනය කිරීම මීට හේතු වී තිබේ.
එමෙන්ම, පූර්වගාමීව අනුගමනය කරන ලද කාලරාමුව ප්‍රමාදකර අදාළ ටෙන්ඩර් කැඳවීම හේතුකොටගෙන මුහුද රළු කාලය තුළත් ගල් අඟුරු ගොඩබෑම සිදුකර තිබේ. එහිදී ගල් අඟුරු නිසි පරිදි ගොඩබෑම අසීරු බැවින්, විශාල ප්‍රමාණයක් මුහුදට ඇද වැඩ තිබේ.
මේ අතර පිරිපහදු කළ ඛනිජ තෙල් ආනයන වියදම ද 2025 ට සාපේක්ෂව සියයට 112 කින් 2026 මේ වන විට ඉහළ ගොස් ඇත. 2025 මැයි මාසයේ පැවති ඩොලර් මිලියන 252.8 ක වියදමට සාපේක්ෂව, 2026 මැයි වන විට ඉන්ධන ආනයන වියදම එ.ජ. ඩොලර් 536 ක් බවට පත්ව ඇත. වැඩිවශයෙන් පිරිපහදු කළ ඉන්ධන වැඩි මිලට ලබාගැනීම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.
2024 දෙසැම්බර් වන විටත් අධි ලාභ ලබන තත්ත්වයේ පැවති විදුලිය බල මණ්ඩලය හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වන විට විශාල පාඩු ලබන රාජ්‍ය ආයතන 2 ක් වී තිබේ.
- ගැමුණු ප්‍රියමුණි –
