July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බන්ධනාගාර දොරේ හිලෙන් වෙඩි තැබූ නිලධාරියාට පාතාලයෙන් තර්ජන..

1 min read

මීගමුව බන්ධනාගාරය තුළ රැඳවියන්ගේ ප්‍රාණ ඇපයට හසුවී අමානුෂික පහරකෑම්වලට ලක්වෙමින් සිටි සිය සහෝදර නිලධාරීන් බේරා ගනිමින් රැඳවියන් බන්ධනාගාර ප්‍රධාන දොරටුව බිඳගෙන පලායෑම වැළැක්වීම සඳහා වෙඩි තැබූ බන්ධනාගාර නිලධාරියාට දිගින් දිගටම මරණීය තර්ජන එල්ල වෙමින් තිබෙන බවට වාර්තා වෙයි.

මෙම මරණ තර්ජන බොහොමයක් ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යය ඇතුළු විදේශයන්ගෙන් බවද ආරංචි මාර්ග පවසයි.

බන්ධනාගාර නිලධාරීන් පවසන්නේ තම ජීවිතය පවා නොතකා සහෝදර නිලධාරීන් බේරා ගැනීමට මෙන්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කීර්ති නාමය ආරක්‍ෂා කිරීමට ඉදිරිපත් වූ මෙම නිලධාරීයාට නිසි ආරක්‍ෂාවක් ලබාදිය යුතු බවයි.

ඝාතනයට ලක්වූ බන්ධනාගාර නිලධාරීන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා ඇමැති හර්ෂණ නානායක්කාර මහතා වැලිකඩ බන්ධනාගාරය වෙත ඊයේ (8දා) පෙරවරුවේ පැමිණි අවස්ථාවේ ඇමැතිවරයා වටකර ගත් නිලධාරීන් එක හඬින් කියා සිටියේ, මේ වීරෝදාර නිලධාරියා බේරා ගැනීමට මෙන්ම ඔහුට ආරක්‍ෂාවක් ලබාදීමට කටයුතු කරන ලෙසයි.

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් සහ නිලධාරීන් අතර ගැටුම ඇති වූ අවස්ථාවේ නිලධාරීන් පිරිසක් ප්‍රාණ ඇපයට ගෙන ඔවුන්ට අමානුෂික ලෙස පහර දෙමින් රැඳවියෝ පිරිසක් කලහකාරී ලෙස හැසිරුණහ.

ජනප්‍රිය පුවත්  යාපනය තිස්ස විහාරයට අනවසරයෙන් ඇතුළු වූ දෙදෙනෙකු රිමාන්ඩ්; අන්තවාදී බාධා මැද දකුණේ වන්දනාකරුවෝ විශාල ලෙස විහාරයට පැමිණෙති

රැඳවියන් බන්ධනාගාරයේ ප්‍රධාන දොර අවහිර කරගෙන ප්‍රාණ ඇපයට ගත් නිලධාරීන්ට පහර දෙමින් සිටි අවස්ථාවේ ඔවුන් බේරා ගැනීමට ඉදිරිපත් වූයේ මෙම නිලධාරියාය.

මෙම නිලධාරියා බන්ධනාගාර දොරටුවෙන් ඇතුළතට අවියක් එල්ල කර වෙඩි ප්‍රහාර එල්ල කිරීමෙන් පසු දොරටුව අවහිර කරගෙන සිටි රැඳවියෝ එය අතහැර පලා ගියහ. පසුව දොරවල් විවෘත කරගත් බන්ධනාගාර නිලධාරීහු සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු එහි ඇතුළු වී ප්‍රාණ ඇපයට ගෙන සිටි නිලධාරීන් මෙන්ම තුවාල ලබා සිටි රැඳවියන් ද බේරාගෙන රෝහල් කරා යැවීමට කටයුතු කළහ.

  • හේමන්ත රන්දුණු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x